tag:blogger.com,1999:blog-33683994103116141482024-02-19T07:15:43.718+05:30Blogsසෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3368399410311614148.post-55753946132844854002016-06-26T11:56:00.000+05:302016-06-26T11:57:43.407+05:30යාචකයෝ......

ඇයි දරුවෝ ඉතින් ඔයා ඒ මනුස්සයව මැරුවේ !?

ooooo

අසුන්දරත්වයේ ආරම්භයට මොහොතකට කලින්, එනම් බ්රේක් පැඩලයට දකුණු පය යෑමට නිමේෂයකට කලින්, ජීවිතය කෙතරම් සුන්දරදැයි මද හසින් යුතුව මම මෙනෙහි කරමින් සිටියෙමි. ආදරණීය බිරිඳක්, හැම දෙයකටම දක්ෂ දරු දෙදෙනෙකු, ඉහළ වැටුපක් සහිත රැකියාවක්, නිවසක්, වාහනයක් ඇතුළු සැපපහසු දිවියකට ඇවැසි සියල්ල හිමිව සිටි මා හට එසේ සිතීමට අවැසි සියලු හිමිකම් තිබුණේයැයි කිව හැකිය.

එහෙත්, දෛවයේ නියමයන්ට යටත්ව හෝ කර්මයේ බලපෑමට අනුව රතු එළිය දැල්වුණ බැවින් දකුණු පය ක්‍රියාත්මක විය. රතු එළිය කොළ පැහැයට හැරෙන තෙක්, ගීත වාදකයෙන් වැයෙන මිහිරි ගීතයට අනුව උරුවම් බාමින්, ඇගිලි තුඩු වලින් සුක්කානමට තට්ටු දමමින් සිටි මම ඉදිරියෙන් තිබූ වාහන වලට අත පාමින් ක්‍රමක්‍රමයෙන් මා වෙතට ළඟා වෙන සිගන්නා දෙස අරමුණකින් තොරව බලා සිටියෙමි.

සිගන්නන්ට යමක් දීමේ දී මා විසින් සලකා බැලූ කාරණා කිහිපයකි. වෙනයම් කර්මාන්තයකින් දිවි ගැට ගසා නොහැකියැයි සිතෙනා තරමට අංග විකල වූ හෝ අත් පා අහිමූ වූ හෝ වයස්ගත වූ පුද්ගලයෙක්නම් අනිවාර්යයෙන් කීයක් හෝ පහතට යන වීදුරුවෙන් එළියට දික් වෙනු ඇත. සිගාකෑම වෘත්තියක් කරගත්තෙකුයැයි සිතෙන අයෙක් වුවහොත් පසුම්බියෙහි සෙලවීමක් සිදු නොවේ. එවන් අය දෙස එක එල්ලේ ඇසට ඇස යොමා බලා සිටීම ඔවුන්ව ඉක්මනින්ම වාහනය අසලින් ඉවත් කරවා ගැනීමට අත්දුටු ප්රත්යක්ෂ ක්රමවේදයකි.

මෙම හිගන්නාද දෙවෙනි ආකාරයේ වංචා කරුවෙකියැයිද, ඔහුට මා කිසිවක් නොදෙනේයැයිද, ඔහු මා වෙතට ඒමට පෙරම මම තීරණය කෙළෙමි. මවා ගත් කොරයකැයි මා අනුමාන කළ කොරයක්ද සහිතව, හැරමිටියක් ගසමින් මා වෙත පැමිණි ඔහු අත පාමින් මොන මොනවාදෝ කියා පැවේය. ඒවා ඇසීමට මාහට උවමනාවක් නොතිබූ බැවින් මම සුපුරුදු ක්‍රමවේදය අනුගමනය කරමින් ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටින්නට වූයෙමි. කිහිපයක් වැටීගිය දත් වලින් හා ඇද වූ තොල් වලින් සමන්විත වූ ඔහුගේ මුහුණට වැවී තිබූ රැවුල එක් කොට තිබුණේ පුදුමාකාර විසුළු පෙනුමකි. මෙහිදි මා අතින් කිසි දිනෙක නොවුණු දෙයක් සිදු විය. ඔහුගේ මුහුණෙහි වූ විසුළු පෙනුම මා "බකස්" අනුකරණයෙන් සිනා ගැස්සවීය. මා එය නවත්වා ගැනීමට පමාවූවා වැඩිය. එයින් කුපිත වූ සිගන්නා අතෙහි දරා සිටි හැර මිටිය තෙවරක් බිමට ඇන්නේ මොනමොනවාදෝ මුමුණමිනි. ඒ සමඟම "දඩාං" අනුකරණයෙන් වාහනයේ බඳට හැරමිටියෙන් පහරක් ගසමින් වේගයෙන් එතනින් ඉවත් විය. වාහනයෙහි දොර හැර " ඒයි මෝඩයා" යි කෑ ගැසූ මම වාහනයෙන් බැස එය පරික්ෂා කිරීමට සිතනා මොහොතේම පිටු පාස වාහන වලින් නිකුත් වූ අඛණ්ඩ නළා නාදය මා බලහත්කාරයෙන්ම ඉදිරියට තල්ලු කරවීය.

ooooo

කරදර පැමිණෙන්නේ එකපිටය, වැල නොකැඩීය, අඛණ්ඩවය, අවිච්චින්නවය. ගංගාවක දිය වැල් පහතට ගලානා අයුරින් එකක් පිටු පස එකක් වශයෙන් කරදර ඔබ සොයා එනු ඇත. එකකට මුහුණ දී අවසන් වීමටත් පෙර අනෙක් කරදරය ඔබ ඉදිරියේ ප්‍රාදූර්භූත වෙනු ඇත. ඒ, ඒවායේ ස්වභාවයයි. මුහුණ දීම හැර අන් යමක් ඔබට ඉතුරු නොකිරීමට ඔවුන් වග බලා ගනු ඇත. ඊශ්වරයාටත් බටකොළ කැවූ සෙනසුරාට මා මොන නර පනුවෙක්ද !

රැකියාව, මිනිසකුගේ අභිමානයයි. කුටුම්භය රක්ෂා කරමින්, ඔවුන් ඉදිරියේ පතාක යෝධයෙකු සේ නැගී සිටීමට ඉවහල් වන ප්‍රබල සාධකයයි. එවන්වූ රැකියාවටම කණකොකා හැඬු කල්හී!

එදින උදෑසන අවදිවන විටත් ලෝකය රුවිතයට යාමට ආරම්භ වී තිබිණි. පසුදින රාත්‍රියේ ඉතා සුහදව නින්දට ගිය බිරිඳ කිසිඳු සිතාගත නොහැකි හේතුවකින් තොරවම "පුප්පමින්, ගස්සමින්" සිටියාය. වෙනදා "මොර්නිං තාත්තා" කියා හාදුවක් පවා දෙන දරු දෙදෙනා වෛරක්කාරයන් මෙන් මා වෙත සමීප වීම පවා ප්‍රතික්ෂේප කළහ. විපිළිසරව සිටි මා, මාගේ දැනුමින් තොරව නින්දෙන් හෝ අමිහිරි යමක් වීදැයි මතක් කරගැනීමට මොළය වෙහෙසමින් සිටියෙමි. වෙනදා දණ ගසා වැඳ හාදුවක් පවා දී පාසල් යන දරු දෙදෙනා නොකියාම පාසල් බලා පිටත් වූ අතර, බිරිඳ මා පිටත් වීමට මොහොතකට පෙර නාන කාමරයට වැදී දොර වසාගත්තාය. "මම ගිහින් එන්නම්" යැයි කෑගසා කී මා ප්‍රතිචාරයක් වෙනුවෙන් නිමේෂයක් නැවතුනද එවැන්නක් නොලැබුණ බැවින් පිටත් වීය. ඔවුන් ඉදිරියෙහි මා මෙතරම් සැහැල්ලුවට පත්විය යුතු නොවේ යැයි මාන්නය මට බලකර සිටියේය.

"වෙරි ගුඩ් මොර්නිංග් සර් ! කොහොමද ? " ඒ ඊයේ සහ ඊට පෙරය. අද ආරක්ෂක නිළධාරියා මා පයිසයකටවත් මායිම් නොකෙළේය. මා දුටුවද නොදුටු ලෙස අහක බලාගනු මම හොඳින්ම නිරීක්ෂණය කෙළෙමි.

"අන්න බොස් ඔහේට එන්න කියනවා" ඒ වෙනදා ඉතා හිතවත් එහෙත් අද, ගරු සරු නැති ලේකම් වරියයි.

මම සැබවින්ම තුෂ්ණිම්භූත වී සිටියෙමි. මුළු ලෝකයම කතා වී මා හට බ්‍රහ්ම දණ්ඩනය දුන්නාක් වැනිය. මෙවැන්නක් සිදුවිය හැක්කේ කෙසේද !?

ගොදුරක් ගිලීමට හදන පිඹුරකු සේ ප්‍රධානියා පරිගණකයට ඔරවාගෙන සිටියේය. "ටක් ටක්" ලෙසින් දොරෙන් මතුවූ බාධාව නිසා මදක් හිස ඔසවා බැලූ ඔහු වැඩි තැකීමකින් තොරව ඇතුළට එන ලෙස මා හට අතින් සන් කොට නැවතත් පරිගණකය ගිලීමට සැරසුණි.

"ගුඩ් මෝර්නිංග් සර් ! " ප්‍රතිචාරයක් නැත. වෙනදා තිබෙන උණුසුම් හිතවත් කම් කිසිත් නැත. නිහඬව තත්ත්පර කිහිපයක් ගෙවී ගියේය. සිදු විය හැක්කේ අවැඩක් මිස වැඩක් නොවන බව ඉවෙන් මෙන් දැනුණ හෙයින් 'ලබ් ඩබ්, ලබ් ඩබ්' අනුකරණයෙන් හදවතින් නැගුණ ගැස්ම වැඩිවිය. එය නිහඬව ගෙවී ගිය තත්ත්පර ගණන අවබෝධ කරගැනීමට පිටිවහලක් විය. මා තාමත් සිටගත් ගමන්ය. හිඳ ගැනීමටවත් ආරධානයක් නොමැත.

"සර් මට එන්න කිව්වේ ?"

මා දෙස නොබලාම මේසයෙන් කොළයක් ගත් ඔහු, මා වෙත දික් කරමින් නැවැතත් ගොදුරට ඉව ඇල්ලීය. ගැහෙන හදවතින් හා වෙව්ලන දෑතින් එය පිළිගත් මා, මේ වරෙන්තුව කුමක් විය හැකිදැයි තේරුම් ගැනීමට උත්සහ කරමින් ඉහළ සිට පහළට දෑස් යැවීය.

"සේවය අත්හිටවීමේ නිවේදනයයි" යන අකුරු කිහිපය කියවා ගත් සැණින් මා අවසර නොගෙනම පුටුවක් ඇද වාඩි වූයේ වෙව්ලීමට ගත් දෙපා තව දුරටත් ශරීරයේ බර දරාගෙන සිටීමට සූදානම් නැතැයි හැඟුණු හෙයිනි.

"ඇයි සර් මේ !? "

"වැඩි කතා ඕනා නෑ, විස්තරේ ඕකේ ඇතිනෙ. අපි ඉන්ක්වාරි එකට කතා කරලා ලියුමක් එවනකම් තමුන්ට ගෙදරට වෙලා ඉන්න පුළුවන්" පිඹුරා ගෙරවූයේ ගොදුරටයැයි මුලින් සිතුණ හෙයින් නිමේෂයක අස්වැසිල්ලක් ලැබුණද, ඊ ළඟ නිමේෂයේ ඒ වදන් මා වෙනුවෙන් බව පසක් වූයෙන් ඒ අස්වැසිල්ල නැවතත් මා හැර ගියේය.

වැඩි කතා සුබ නොවන බව අවබෝධ කොට ගත් මා කොළයත් රැගෙන එතනින් ඉවත් විය. ප්‍රධානියාගේ කාමරයේ සිට එන විට ඒ වෙත යමින් සිටි මාගේ කාර්යාලීය පසමිතුරා වූ දර්ශන හමුවිය. මා දෙස බලා සමච්චල් සිනාවක් හෙළු ඔහු, මා නොතකාම ප්‍රධානියාගේ කාමරය බලා ගියේය.

ලිපියෙහි සඳහන්ව ඇති ආකාරයට, මාගේ දෙපාර්තමේන්තුවෙහි ලක්ෂ අසූවකට වඩා වටිනාකමින් යුක්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇති අතර එහි ප්‍රධානියා වශයෙන් සම්පූර්ණ වගකීම මා වෙත පැවරී ඇත. මා ලෙහෙසියෙන් ගැලවිය නොහැකි උගුලක පැටලී සිටින බව අවබෝධවන විට ප්‍රමාද වැඩිය. මේ සියල්ල පිටුපස ඇති හස්තය මා හට රහසක් නොවේ.

දර්ශන, ආයතනයෙහි පරණ සේවකයෙකි. සෑම මිලදී ගැනීමකින්ම, සෑම ටෙන්ඩරයකින්ම අයථා ලාභ ඉපයීමෙහි රුසියෙකි. වසර ගණනාවක් පුරා ඉතා සූක්ෂම අයුරින්, මා පැමිණීමට පෙර මෙම දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියාද සමගින් එකතුව කෙරීගෙන ගිය මෙම වැඩ පිළිවෙළ මාගේ ආගමනයත් සමඟින් නතර වූයේ එවන් අයථා කටයුතු සම්බන්ධයෙන් මා දැක්වූ විරෝධය හේතුවෙනි. එවක් පටන් දර්ශන මා කෙරෙහි උඩින් මිතුරු, යටින් සතුරු ආකල්පයක් අනුගමනය කළ බව මා හට නොරහසක් වුවද මා එය නොදන්නවාක් මෙන් සුපුරුදු ලෙසින් ඔහුවද ඇසුරු කෙළේය. නමුත් ලක්ෂ ගණනින් ලද ආදයම් අහිමි වූවෙකු, එම ආදයමට හුරු වූවෙකු, වෙඩි කෑ ඌරකු මෙන් ක්‍රියාත්මක විය හැකියැයි අනුමාන නොකිරීමට තරම් අමනෝඥ වීමේ ප්‍රතිඵලය මම දැන් භුක්ති විඳිමින් සිටිමි.

ලිපියෙහි ප්‍රකාරව මා පරිහරණය කළ, ආයතනය සතු සියල්ල නැවත භාරදිය යුතුවූ බැවින් බොහෝ කලකට පසු දුරකථන ජාලයකින් මිදුණු මා බස් රථයකින් නිවෙස බලා ගමන් කරමින් සිටින්නේය.

උදෑසනම සිට අහේතුක බ්‍රහ්ම දණ්ඩනය නම් වූ ගසෙන් වැටී හතර හංදි කඩාගෙන සිටි මා හට, සේවය අත්හිටුවීම යන ගොනාද ඇන්නේය. මේ සම්බන්ධයෙන් බිරිඳගේ ප්‍රතිචාරය කුමක් වේදැයි අනුමාන කිරීමට මම වෙහෙසුනෙමි.වෙන දිනෙකනම් ඇයගේ ප්‍රතිචාරය අනුමාන කිරීම අපහසු නොවුනද, අද උදෑසන පටන් සිදුවෙමින් පවතින දෑ නිසා අත්දකින තෙක් එය ගැටලුවක්මය. වේලාසනින් ආපසු පැමිණීම හා පයින් පැමිණීම යන කාරණා ඇය පුදුමයට පත් කළද කිසිත් නොවිමසා සිටීම සැබවින්ම මා ප්රකෝපයට පත් කළේය.

"තමුසෙට මොන යකෙක්ද වැහිලා තියෙන්නෙ ? උදේ ඉඳන් මෙතන බුම්මගෙන පුප්පන්නේ ? " ඒ, ඉවසීමේ සීමාව ඉක්මවා ගිය මාය.

මේ, මෙතෙක් කල් දක්නට නොතිබූ රංඩු සරුවල්, බැණ අඬ ගහගැනීම්, ශාප කිරිම්, නින්දා කිරීම, එකිනෙකා කෙරෙහි කරගන්නා අයථා චෝදනා, සැක කිරීම් වැලක ආරම්භය පමණි. පවුලේ මෙතෙක් පැවති සාමය, සතුට, සමාදානය, ආදරය, සෙනෙහස කොහේ ගියාදැයි සොයා ගැනීමටවත් නොහැකි ලෙසින් අප හැර ගියහ. දරා ගැනීමට අපහසුම කාරණයනම් දරු දෙදෙනාත් මා කොන් කිරීමයි. කිසිඳු හේතුවකින් තොරවම එදා සිට ඔවුන් මා සමගින් වචනයකුදු නොතෙපලූහ. අප රංඩු සරුවල් වන සෑම විටකම ඔවුන් හරි වැරැද්ද නොතකාම මවගේ පාර්ශවය ගනු ලැබූයෙන් මා නිරන්තරයෙන්ම හුදකලා විය. රැකියාව අහිමි වීමෙන් ලද ආර්ථික පීඩනය ඇවිලෙන ගින්නට මනාව ඉන්ධන එකතු කෙළේය.

වැටෙනා හුස්මක් පාසා ජීවිතය එපා වෙමින් පැවතුණි. ආශ්වාස ප්රාශ්වාසය නැවති සියල්ල හමාර වන්නේ නම් මැනවී යැයි සිතුණ වාර අනන්තය. දන්නා කියනා සැමගෙන්ම එකවරම අහේතුකව කොන්වීම මෙලොව වසනා කිසිඳු මිනිසෙකුට දරාගැනීමට පහසු වේයැයි මම නොසිතමි. අඩුම තරමින් සියල්ලන් එක්වරම මෙලෙස හැසිරීමට හේතුව දැන ගැනීම උදෙසා මා සතු සියලු සම්පත් පරදුවට තැබීමට වුව මා සූදානම්ය.

දෙතුන් වසරක් සේ හැඟුණු දෙතුන් මසක ඇවෑමෙන් පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වීය. විකල්ප දෙකකින් එකක් තෝරා ගැනීමට මා හට බල කෙරුණි. වංචා කෙරුණේයැයි කියවුණු මුදල ගෙවා දමා සේවයෙන් ඉවත්ව යාම හෝ ආයතනය් විසින් ගනු ලබන නීතිමය ක්රියාමාර්ගයනට මුහුණ දීමයි. මේ කවර විකල්පයකින් වුව අවසානයේ මා හට රැකියාව අහිමි වන හෙයින්ද, නීතියමය ක්‍රියා මාර්ගයන්ට මුහුණු දීමට තරම් මානසික හෝ ආර්ථික ශක්තියක් නොතිබුණෙන්ද, තවමත් අභිමානය යැයි යම්දෙයක් මා කෙරෙහි ඉතිරිව පැවති බැවින්ද, මා සතු එකම දේපල වූ නිවස විකුණා දමා පළමු විකල්පය තෝරා ගැනීමට මම තීරණය කෙළෙමි.

මාගේ තීරණය දැනගත් වාහාම දණ්ඩෙන් පහර ලද සැපින්නක සේ කිපුණු බිරිඳ, මා හට දෙස් දෙවොල් තබමින්, ශාප කරමින් බැණ වැදුනද මාගේ තීරණය වෙනස් කිරීමේහිලා ඒවාට කළහැකි වූ දෙයක් නොවුණි.

හඳුනන නොහඳුනන සියල්ලන්ම මා කෙරෙහි සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාම නිවස විකිණීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවුණි. අවසානයේදී ඉතා නොවටිනා එහෙත් මාගේ අවශ්‍යතාවයට අවැසි ප්‍රමාණයට වඩා මදක් වැඩියෙන් මුදල් ලබා ගැනීමට හැකි වන වර්ගයේ ගනු දෙනුවකින් නිවසේ අයිතිය මා වෙතින් ඉවත් විය. ඉතිරි මුදලින් ඉතා කුඩා කුලී නිවසක සෙවණ ලබාගත හැකි වූයේන්, මහ පාරට නොවැටීමේ අවදානමින් තාවකාලිකව මිදුනේය.

මා, රැකියාවක් සොයා සිදු කල සැම උත්සහයක්ම අසාර්ථක වූ බැවින්, පවුලේ ආර්ථිකය වෙනුවෙන් බිරිඳ මා නොවිමසාම රැකියාවක් සොයාගෙන තිබුණාය. එයට විරුද්ධ වීමට හෝ ප්‍රශ්න කිරීමට හැකි වාතාවරණයක් මා වෙත නොවුණි.

එයින් ටික කලෙකට පසු දිනක්, මා බැහැරට ගොස් නිවසට පැමිණෙන විට, එක්තරා අමුත්තෙකු ආලින්දයෙහි අසුන්ගෙන සිටියේය. වයසින් මා තරම්ම යයි හෝ එයට වඩා මදක් බාලයැයි අනුමානය කළ හැකි ලක්ෂණ ඔහු කෙරෙන් විද්‍යාමාන විය. හොඳින් වැඩුණු ශරීරයකට හිමිකම් කී ඔහු, කඩවසම් යැයි කිව හැකි වර්ගයේ එකෙකි. කකුලක් පිට කකුලක් දමාගෙන සඟරාවක් බලමින් සිටි ඔහු, මා පැමිණි බව දැනුණු හෙයින් හිස ඔසවා මා දෙස බැලුවද, ඊ ළඟ මොහොතේදී ඒ මුහුණේ ඇඳී ගිය සමච්චල් සහගත සිනාවක් සමඟින් නැවතත් සඟරාව දෙසට යොමු විය. දැන් දැන් එවන් දෑ මා හට නොහුරු නොවූ බැවින්, මා එය නොතකාම බිරිඳ සොයා නිවස තුළට වැදුණේය. ඇය ඔහු වෙනුවෙන් බීමක් පිළියල කරමින් මුළුතැන්ගෙහි සිටියාය.

"කවුද අර ? "

"මගේ ඔෆිස් එකේ යාළුවෙක්. ඇයි ??" තවදුරටත් කිවයුතු හෝ ඇසිය යුතු යමක් නොතිබිය යුතු බව ඇයගේ ස්වරයෙහි විය.

ooooo

මේසය මත වූ වීදුරු මල් බඳුනෙහි බරින් නොසැලී සිටියෙද, විවර වූ තිබූ දොරින් හැමූ සුළගින් ඉගිල යාමට උත්සහා කරමින් තිබූ, දෙකට නැමූ කොළයට වෙවුලන ඇගිලි තුඩු ළංවූහ. චකිතයෙන් සැලුණු සිත, එය ඩැහැගනීම මදක් පමාකිරීමට සිතුවාක් මෙන් හස්තයට පසුපසට වන සේ විධානය කෙළෙන් රත් වූ යකඩයකින් ඉවත් වන්නාක් මෙන් ඇගිලි තුඩු පසු පසට වූයේ දහසකුත් එකක් සිතුවිලි දහරා මාගේ මොළය අභ්‍යන්තරයෙහි කැලබෙමින්, මොළය හිරි වට්ට්වමින් එහේ මෙහේ ගමන් කරමින් සිටියදීය.

මා නිවසට ගොඩ වන විට දොර හැර දමා තිබුණි. නිවසට ගොඩවන විට පිළිගැනීමට බිරිඳක් සිටියේ මින් බොහෝ කලකට පෙර හෙයින් දැන් එවැනි දෑ පිළිබඳ බලාපොරොත්තුවක් නැති මා ආලින්දයෙහි වූ වේවැල් පුටුවට බර වී මදක් නිසොල්මනේ සිටියේය. නිවසෙහි කිසිඳු ශබ්දයක් නොමැත. බිරිඳගේ හෝ දරු දෙදෙනාගේ කට හඬකුද අසන්නට නොමැත. බිරිඳට නමින් ඇමතූවද ප්‍රතිචාර නොදක්වන හෙයින් මා එයද නවතා දමා බොහෝ කල්ය. පුටුවෙන් නැගී සිටි මම, එම කුඩා නිවසෙහි වූ කාමර දෙක හා මුළුතැන්ගෙය යන සියල්ල පරික්ෂාකර බලා ඔවුන් මෙහි නොමැති බව සැකහැර දැගතිමි. ඔවුන් කොහේ හෝ ගොස් අතැයිද, තව මොහොතකින් නැවත පැමිණෙතැයිද අනුමාන කළ මා නැවතත් ආලින්දයට විත් පුටුවට බර වී කල්පනා ලෝකයෙහි ගිලී ගියේය. අනේක විද වූ සිත වෙහෙසන කල්පනා අතුරින් මේසය මත වූ මල් බඳුනට යටවී ඉගිල්ලිමට වෙර දරමින් සිටි කොළය මාගේ අවධානයට හසු වූයේ නිරායාසයෙනි.

සිදුවෙමින් පවතින අස්වාභාවික සිද්ධි දාමය නිසාම, සෑම විටම නරකක්ම බලපොරොත්තුවෙන් සිටි මා, මෙහි ලියවී ඇති අකුරු කිනම් අසුභ පණිවිඩයක් ගෙනේවිදැයි අවිනිශ්චිතව, සැලෙන දෑතින් එය රැගෙන දිග හැරියෙමි. සිය මූසල හඬ පරිසරය පුර නින්නාද කරවමින් කණකොකෙකු ඉගිල ගියේය.

ඔව්, අත්දැකීම් තුළින් ලද පුරුද්දෙන් කළ අනුමානය ටක්කයටම නිවැරැදිය. එහි සටහන්ව තිබුණේ ඔවුන්ගේ විගමනයේ නිවේදනයයි. නිශ්චිතව කිව නොහැකි නමුත් ඉතා නුදුරු දිනෙක විය හැකියැයි මා නිතරම සැක කළ දෙයම සිදුවී තිබිණි. බිරිඳ සහ දරු දෙදෙනා මා හැර ගොස්ය. එක් වරම ලෝකයෙහි භ්‍රමණ වේගය වැඩි වු හෙයින්, සමබරතවය ගිලිහී යන සෙයක් දැනුණි. මේසයට හේත්තුකොට තිබුණු පුටුවලට බර වෙමින් නොවැටී ගමන් කළ මා ඉතා වෙහෙස වී නැවතත් වේවැල් පුටුවට ශරීරයේ බර නිදහස් කළද පෘථුවියෙහි භ්‍රමණ වේගය යථා තත්ත්වයට පත් වීමට තවත් කෙටි වේලාවක් ගත වීය.

හුදකලාව, තනිකම, ප්‍රියයන් විසින් නොතකා හැරයාම ආදි කී නොකී සියලු ආකාරයේ චිත්ත පීඩාවන් එම නිමේෂයේ මා පෙළමින් සිටියහ. ලෝකය රුවිතයට යාමට පටන් ගත් දා සිට එල්ලවූ සියලු ප්රහාරයන් උපේක්ෂාවෙන් දරා සිටියද මේ බිහිසුණු ප්‍රහාරය දරා සිටිමට නොහැකි සෙයකි. අසරණභාවයේ පතුළෙහිම ගිලිගිය මම ඊළඟ නිමේෂයේදී මාගේ පාලනයකින් තොරවම ඉකි ගසා හඬමින් සිටියෙමි. වසර බොහෝ කලකට පසු, ළමා අවදියෙන් පසු මම නැවතත් ළමයෙකු සේ ඉකි ගසා හඬමින් සිටියෙමි. තනිකමට, හුදකලාවට වැඩිහිටියෙකු, කුඩා දරුවකු කිරීමට බොහෝ වේලාවක් අවශ්‍ය නොවන බවට මම සාක්ෂි දරමි.

සිහි එළවා ගත් මුල්ම නිමේෂයේ මාගේ සිතුවිලි අප ආදරයෙන් බැඳුණු ඒ මුල්ම කාලයට දිව ගියහ. ජීවිතය පවතින තුරා මා හැර නොයන බවට නැවත නැවතත් දිවුරා සපථ කළ ඒ අහිංසකාවිය අද සිය පොරොන්දු කඩකර තිබුණාය. ආදරිය, අප කෙතරම් නම් තදින් එකිනෙකාට බැඳි සිටියාද ? ඔබ හා මා එ බැම්මෙන් මුදවා වෙන් කළ මේ බලවේගය කුමක්ද ? අපගේ ජීවිත වලට එළිය රැගෙන ආ ඒ මිණි පහන්ද ඔබ රැගෙන ගොස්ය. ඉඳින් මාගේ ජීවිතය සදාකල්හිම අඳුරෙහි බව පුන පුන කිව යුතුද ?

"නෑ.. මේක හීනයක්.. මේක හීනයක්.." මාවම කොනිත්තා ගනිමින් මම තෙපලුවෙමි. නැත එය සිහිනයක් නොව සැබෑවටම සිදුවෙමින් තිබුණි.

වේව්ල් පුටුවෙහි ඇන්දට හිස බර කළ මා, ඇස්බැස්ටස් තහඩු වෙත නෙතු යොමා නොකැඩී ගලා යන කඳුළු දහරාවන්ට ගලා යාමට සලස්වා මොහොතකට පාෂාණිභූත වූයෙමි.

කඳුළින් බොදව දිස්වූ ඇස්බැස්ටස් තහඩු අතර, එදා, මේ පුටුවෙහිම කකුලක් පිට කකුලක් දමා වාඩි වී, මාහට සමච්චල් සිනාවක් පෑ ජේතුතුකාරයාගේ රුව මොහොතකට ඇඳි නොඇඳි ගියේය.

ooooo

පෑම්....පෑම්....පෑම් යන හඬ නිසා පියවි ලෝකයට පැමිණි මා, දකුණු පස බලන විටම "බුදු සරණයි" ලෙසින් පච්ච කොටාගත් යක්ෂයා පිම්මේ මා දෙසට පැමිණෙමින් සිටියේය. හදවතෙහි ස්පන්දනය වැඩිවිය. රෝම උද්ගමනය වී මුළු ශරීරයම අප්‍රාණිකව යන්නාක් මෙන් දැනිණි. "බුදු සරණයි" යන්න අනුක්රමයෙන් විශාල වෙමින් විදුලි වේගයෙන් මා වෙත ළඟා වෙමින් පැවතුණු එම තත්ත්පරයෙන් දස දහසින් පංගුවේදී "ආපහු හැරිලා අහකට පැනපාං" යැයි කාගෙන්දෝ ලද අණ, දෙවරක් නොසිතාම ක්‍රියාත්මක කිරීම උදෙසා මා විදුලි වේගයෙන් වම් පාදය මත අංශක එකසිය අසූවක් කැරකී, ඒ වන විටත් ඉහළට එසවී තිබුණු දකුණු පාදය හැකි උපරිම දුරින් තියා නැවතත් වම් පාදය එස වූවා පමණී. ප්‍රමාද වැඩිය. බස් රථයේ ඉදිරි පස වම් කොනෙහි වැදුණු මා ඉදිරියට විසි වී මුණින් අතට බිම වැටීමත්, ඒ සමඟම වම් පාදයේ ඇතිවූ ඉවසිය නොහැකි දරුණු වේදනාවත් සමඟින් දෑස් ඉදිරියෙහි කළු අවකාශයක් මැවී යනු පමණක් මාගේ මතකයේ ඇත.

කරස්, කරස් හඬ නංවමින් කැරකෙමින් තිබුණු මළ බැඳුණු විදුලි පංකා පෙති, ලාවට විවර වෙමින් පැවතුණු දෑස් අතරින් මා දුටු මුල්ම දසුනයි. ශරීරයට දැනුණු ඉවසිය නොහැකි වේදනාවෙන් නැගුනු කෙඳිරියත් සමඟින්, මා සිටින්නේ කොහිද යන්න සිහි එළවා ගැනීමට මම වෙහෙසුනෙමි. මොහොතකට සියල්ල හිස්ය. මම යනු කවුද කියා පවා මතකයෙන් ගිලිහී තිබිණි. එකි නෙකා හඹා ගොස් අල්ලා ගැනීමට අනවරත අසාර්ථක අරගලයක නියැලුණු පංකා පෙති දෙස බලා, සියල්ල සිහියට නංවා ගැනීමට මම වෙහෙසුනෙමි.

"ඒයි අන්න අර උන්නැහේට සිහිය එනවද කොහෙද !"

"කාටද බන්?"

"අර බස් එකට පැන්න පිස්සු යකාට බන්. අර කෙඳිරි ගගා දගලන්නේ, පොඩ්ඩක් බලහන්."

අපහාස, ඇනුම් බැණුම්, සමච්චල් කිරීම් මට නොහුරු දෙයක් නොවේ. ඒවාට උපේක්ෂාවෙන් මුහුණ දීමේ හා ප්‍රතිචාර දැක්වීමේ කලාව මම මැනවින් ප්‍රගුණ කර සිටියෙමි. සමච්චලයක්, අපහාසයක් මා හට මෙතරම් උදව්වක් කළ අවස්ථාවක් සිහියට නගා ගත නොහැකිය. ඔවුන්ගේ වදන් හිස් අවකාශයක අතරමංව සිටි මා හට සයුරේ අතරමංව සිටිනා විට හමුවූ මාලිමාවක් සේ විය. පිදුරු ගසෙහි එල්ලුණු මම ඒ ඔස්සේ අතීතයට ගියෙමි. "බුදු සරණයි" ලෙසින් පච්ච කොටා ගත් යක්ෂයා, අරමුණකින් තොරව ඇවිද ගිය මාවත, වෙන්ව යන බිරිඳ හා දරු දෙදෙනා, මහා හඬක් නංවමින් ඉහළ පහළ ගිය මිටිය, තෝල්කයාගේ ගාම්භීර කෑගැසීම, කළු කබා හැඳගත් නීතිඥයන් හා මහේකාශ්යව ආසනාරූඪව සිටි සිටි විනිසුරුතුමා, එකින් එක මගේ මතකයට පැමිනුනි. එසේය, මම යනු කවුදැයි මම දැන් දනිමි. ඒ, කලෙක සියලු යස ඉසුරින් ආඪ්‍යව සැපවත් යැයි කිව හැකි ජීවිතයක් ගත කළ, හිමි කිසිවක් සැබෑවටම හිමි නැති බවත්, ඒ සියල්ල තාවකාලික බවත් මොනවට පසක් කරමින්, හිමිව තිබු සියල්ල වැල නොකැඩී අහිමිව ගිය අවාසනාවන්තයෙකි ! කාලකණ්නියෙකි !!

ඇඳ විට්ටමට හේත්තුවීමට අවැසි වූ බැවින් දකුණු කකුල නමා පතුල ඇඳට තද කොට, වම් කකුලද එම ස්ථානයටම ගෙන බර යෙදීමට කරන උත්සාහයේදී අමුත්තක් දැනිණි. වම් පාදය එසවුණද එහි අමුතු බරක් දැනුණ නිසා හා විලුබක් ඇඳට තද නොවූ බැවින් මදක් එසවී බැලූ විට අහිමි වීම් මා සිතා සිටි පරිදි අවසන්ව නොමැති බවත් එය ශරීරාංග දක්වාද පැමිණ ඇති බවත් පසක් වීය. වම් පාදය විලුබට මදක් ඉහළින් කපා දමා තිබුණි. මුළු හරීරයම දහදියෙන් තෙත්වී, අප්‍රාණික වීමට ගත වූයේ නිමේෂයකි. මළ මිනියක් සේ සුදු මැලිව සයනයෙහි වැතිරුණු මා කිසිවක් සිතා ගැනීමට නොහැකි තත්ත්වයක කොපමණ වේලා සිටියාදැයි මටම මතක නැත. අසරණ වීම යනු කුමක්දැයි මම වෙන කවරදාටත් වඩා හොඳින් අත්දකිමින් සිටියෙමි. බසයට යටවී මා මිය නොගියේ මංද ! සිදු විය යුතුව තිබුණේ එය වුවද සිදු වී ඇත්තේ අනෙකකි. මේ විඳවීමෙහි අවසානය කොතැනද !? නොදන්නා අත්භූත බලවේගයක් විසින් මුළු ලෝකයෙන්ම හුදකලා කරවනු ලැබූ මනුස්සයෙකුගේ පාදයක්ද අහිමි වූ විට අත්වන ඉරණම ගැන මා ඔබට විවරණ දිය යුතුද ? මාගේ අනාගතය හිතා ගැනීමටවත් නොහැකි තරමටම බිහිසුණුය.

බිරිඳ, දරුවන්, රැකියාව, යාන වාහන, නිවස, නෑදෑ හිතවතුන්, මිතුරන් සහ අවසානයේදි මාගේ එක් පාදයක්ද මා හැර ගොස් අවසන්ය. රැකියාව අහිමි වූ පසු රැකියාවක් සොයා ගැනීමට මා ගත් වෙහෙස අපමණය. කිසිඳු ආකාරයක රැකියාවක මා හට හිමිවීම මාගේ දුර්භාග්‍යය විසින් නතර කොට දමා තිබුණි. ඒ මා දෙපා සහිත ජීවියකුව සිටියදීය. දැන් මේ වාතාවරණය යටතේ කිසිඳු හෝ රැකියාවක් ලැබේයැයි සිතීමට නම් මා උමතු වී සිටිය යුතුය. මම හදවතින් වැලපුනෙමි. එහි ආවේගය සිහින් ඉකි බිඳුම් වශයෙන් පිටත පැමිණීම වැළැක්වීමට මා හට හැකියාවක්වත්, උවමනාවක්වත් නොතිබුණි.

වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ, රෝහල් සහායකයන්ගේ අපහාස, සමච්චල්, බැණ වැදීම, අඩන්තේට්ටම් මතින් ගෙවී ගිය මාස හතරකට පසු, තුවාලය යම් පමණකට සුව වූයෙන්, රෝහලෙන් නික්මයාමේ අවස්ථාව ලැබුණි. මේ මාස හතර පුරාවටම සුව දුක් බැලීමට එකඳු වූ හිතවතකු නොපැමිණි එකම රෝගියා මම වුනෙමි. භෞතචිකිත්සක විසින්, අනේකවාරයක් සිදු කළ අපහාස, සමච්චල්, බැණ වැදීම් වලින් පසුව මා හට ලබාදුන් මිය ගිය රෝගියෙකුගෙන් ලද කිහිලි කරු යුගලයට වාරු වෙමින් මම රෝහලෙන් පිටිවී ආවෙමි. ඉදිරිය කිනම් ආකාරයක් වේ දැයි අවිනිශ්චිත වුවද, මේ සිව් මාසය පුරාවට විඳි වේදනා සළකා බැලූ කල්හී කිනම් වූ ඉරණමක් සඳහා හෝ එතනින් නික්ම ඒම පිළිබඳ මම හදවතින්ම සතුටු වූයෙමි.

කළ යුත්තෙ කුමක්ද, යා යුත්තේ කොහේදැයි කියා අතීරණව මම මොහොතක් ගත කෙළෙමි. මෙයින් මතු මා හට ජීවත් වීමේ අරගලයට මුහුණ දෙන්නට වනවා ඇත. කෙතරම් අවලාද මධ්‍යයෙ වුවද කලට වේලාවට ආහාර ටික ලැබීම රෝහලේදී නොවැරදුනි. දැන් තත්ත්වය වෙනස්ය. අතෙහි සතයකුදු නොමැත. රැකියාවක් ලබාගැනීමේ දුශ්කරතාවය නිසාම එය සළකා බැලීමටවත් නොහැකි තත්ත්වයක ඇත. ඉතිරිව ඇත්තේ සිඟාකෑම පමණී. අඩුම තරමින් වේලක් දෙකක් පිරිමසා ගැනීම උදෙසාවත් සිඟාකෑමට සිදුවී තිබිණි. අතීතයේදී කිසිඳු තත්ත්වයක් යටතේ සිතා නොබලන මෙම විකල්පය වර්තමාන තත්ත්වය ඉදිරියේදි ඉතා සාමාන්‍යය වී ඇත. මාන්නය, ආඩම්බරකම සමාජය විසින්ම තලා පෙලා ඉවත් කොට තිබූ බැවින්, සිඟා කෑමෙන් දිවි සරි කර ගැනීම පෙර මෙන් අපහසු කටයුත්තක්කැයි මට නොසිතුනි.

කිහිලි කරු වාරුවෙන් ඉතා වෙහෙසක් දරා මම ඉදිරියට ඇදුනෙමි. යා යුතු ඉසව්වක්, අරමුණක් නොමැති වූයේන් හිස හැරුනු අතට ගමන් කෙළෙමි. මා සිටියේ පුංචි බොරැල්ල හංදියේය. මෙයින් කොයිබට යන්නේදැයි මොහොතක් ලතැවුනු මා, දෛවයේ මග පෙන්වීම මත දකුණට හැරී බොරැල්ල දෙසට ගමන් කෙළේය. අතර මගදි කරුණාවන්තයැයි, මා මුහුණ බලා අනුමාන කළ කිහිප දෙනෙකුට අත පෑවද, නොතකාහැරීම්, ඔරවා බැලීම් හැර කිසිවක් නොලැබුනි. මාගේ දුර්භ්යය හිඟමනක්වත් ලැබීමට ඉඩ ප්‍රස්තා නොසළසන සෙයකි. තත්ත්වය මෙසේනම් ජීවිතය හැරයාම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත. එමගින් මා හට දුර්භාග්‍ය ලෙහෙසියෙන්ම පරදවාලිය හැකිය. ඒ පිළිබඳ සළකා බැලීම පසුවට කල්තැබූ මම කොර ගසමින් ඉදිරියටම ගියෙමි. මා දැන් බොරැල්ල මංසන්දියේය.

කිහිලිකරු දෙක පසෙක තබා බස් නැවතුම්පළ අසළ වූ සිමෙන්ති බැම්මෙහි අපහසුවෙන් වාඩි වී මදක් ගිමන් හැරියෙමි. බස් නැවතුමෙහි වූ බංකුවෙහි හිඳ ගැනීමට බිය වූයේ කිසිවකු හෝ මා එළවා දමාවියැයි සිතුනු බැවිනි. මිනිසුන් කඩියන් මෙන් එහේ මෙහෙ දුවමින් සිටියහ. කළෙක මා ද මේ ප්රවාහයට හසුවී ඉවක් බවක් නොමැතිව කඩි මුඩියේ දුවමින් සිටි අයෙකි. වාහන වලින් නැහුනු දුමාරය, නලා හඬ, දැඩි අවු රශ්මිය මා කඩිනමින්ම වෙහෙසට පත් කෙළේය. දැන් මධ්යහනටත් ආසන්නය. උදෑසන රෝහලින් ගත් ආහාරය මිස ඉන්පසු වතුර උගුරක්වත් නොලැබුනු බැවින් මා සිටියේ දැඩි පිපාසයකිනි. මා ක්‍රියාත්මක විය යුතු බවට ශරීරය අභ්‍යන්තරයෙන්ම පණිවිඩ නිකුත් වෙමින් පැවතුනි. නැතහොත් දිවා ආහාරයට වතුර උගුරක්වත් නොමැතිව දහවල ගෙවී යනු ඇත. දෙතුන් දෙනෙකුට අත පෑවද ප්‍රතිඵලය පෙරසේමය. තවමත් මාන්නය, ලැජ්ජාව සහමුළින්ම ඉවත්ව නොමැති බව ප්‍රායෝගිකව එහි නිරත වන විට ප්රත්යක්ෂ විය. සිගන්නන් සිගාකණ ආකාරය මදක් සිහියට නංවාගෙන එය උපරිමයෙන් රඟ දැක්වීමට උත්සහා කෙළෙමි.

ඒ දවසම කාලකන්නි, මූසල දවසකි. උදෑසන සිට අත පෑ කිසිවකුගෙන් සතයකුදු නොලැබීමට තරම් මාගේ දුර්භාග්‍යය බලවත් වී තිබුණි. කුසගින්න, වෙහෙස, දාහය, තුවාලයේ වේදනාව ආදි කී නොකී සියල්ල මා හෙම්බත් කොට මිරිකා දමා ඇත. අසල වූ වතුර නළයකින් කුස පුරා වතුර බී ගත් මම නැවතත් කොර ගසමින් බස් නැවතුමට පැමිණියේ ඒ රාත්‍රිය එහි ගත කිරීමේ සිතුවිලිද සමඟිනි. බස් නැවතුම පිටුපසින් වූ තාප්පයත්, බස් නැවතුමත් අතර හොඳ ඉඩක්ද, සිමෙන්ති බැම්මක්ද වූයෙන් එය වර්ෂාවක් නොමැති නම් සිගන්නෙකුට රාත්‍රියක් ගත කිරීමට යහපත් තැනකි.

නින්දත් නොනින්දත් අතර මැදි ස්ථානයකදි යාන්තමින් දෑස පියවී ආවා පමණී. වේලාව කීයට පමණ ඇත්දැයි නිශ්චිත නොමැත. සමහර විට මධ්‍යම රාත්‍රියට ලඟා වී හෝ පසුවී ඇතුවා වන්නට පුළුවන. එක් වරම කොහේදෝ සිට කඩා වැදුනු හැඩි දැඩි පිරිමින් හතර දෙනෙකු හෝ පස් දෙනෙකු මා ඔසවා ගත්හ. කෑගැසීමට දැරූ තැත එකෙකුගේ දැඩි හස්තයෙන් මිරිකී ගියෙන් ව්‍යර්ත විය. ග්රහණයෙන් ගැලවීමට දැරූ තැතම මා තව තවත් එහිම සිර කරවීය. මොහොතකින් ඔවුන් මා වෑන් රථයකට දමා ගත් අතර මුව සහ දෑස් වහ වහා රෙදි පටි වලින් වැසී ගියේය. මා හට කළ හැකි වූයේ උගුරෙන් පිට කළ හ්හූක් හ්හූක් හඬ පිට කිරීම පමණකි. කලබලය හේතු කොටගෙන පෑරුණු වම් පාදයේ තුවාලය දැඩිව ඇදුම් කන්නේය.

ඒ මේ අත හැරෙමින් ගමන් කළ වෑන් රථය විනාඩි විස්සක පමණ ගමනකින් යම් තැනක නැවතුනි..

"හ්ම් වරෙන් බැහැපන්" යි විවර වූ දොරින් නික්මුනු රළු හඬකින් නිකුත් වූ විධානය මා දැන් බැසිය යුතුයැයි හැඟවීය. නමුත් ඒ වනවිට අන්ධ, ගොළු සහ කොර තත්ත්වයට පත්වී සිටි මා හට තනිව එවැනි හපන් කමක් කළ නොහැකියයි ඔවුන්ටම හැගුනු හෙයින්දෝ නැවතත් මා ඔසවා ගත්හ. දොරක් ඇරෙනු, වැසෙනු, තවත් දොරක් ඇරෙනු වැසෙනු ඇසුනු පසු මා එක් වරම බිම පතිත විය. තුවාලය බිම වැදීමෙන් දැනුනු වේදනාව තරු පෙනෙන තරමේ වුවද මා හට කල හැකි වූයේ උගුරෙන් හඩක් නැංවීම පමණකි.

"බොස්, මූ තමයි මිනිහා..." නැවතත් රළු හඬකි.. මම, අවට අත ගාමින්, කෙලින් වී බිම වාඩි වීමට උත්සහා කරමින් සිටියෙමි.

ටකස් ටකස් අනුකරණයෙන් ටයිල් ඇල්ලු පොලව මත වදින හඬකි. එය අනුක්රමයෙන් මා වෙත ළඟා වෙන බව තේරුම් ගැනීමට ශ්‍රවණය පමණක් ප්‍රමාණවත් වීය.

දැඩි අතකින් ඉදිරිපස කොණ්ඩයෙන් මිරිකා අල්ලා පිටිපසට කෙරිණි.

"තෝ කාගෙන් අහලද බල්ලො මගේ ඒරියා එකේ හිඟා කන්නෙ ? " ඒ සමඟම කම්මුල පුපුරා යන තරමින් වැදුනු කම්මුල් පහරකි.

ooooo

ඔබ විශ්වාස නොකරණු ඇත. බොහෝ කාලයකට, එනම් රැකියාව අහිමි වීමෙන් පසු මුල් වරට මම සම්මුඛ පරීක්ෂණයක් සමත් වී තිබුණි. කුදලාගෙනයාම්, අඩන්තේට්ටම්, පහරදීම් මතින් ඇරඹුනු මේ අමුතු, අපූර්ව සම්මුඛ පරීක්ෂණය සමත් වීමම මා සැළකුවේ මෙතෙක් මා පෙළමින් තිබූ දුර්භාග්‍යයට එල්ල කළ පහරක් ලෙසිනි. මා බොරැල්ල මංසන්ධියෙහි "හිගන්නා හෙවත් යාචකයා" යන තනතුර සඳහා බඳවාගෙන තිබුණි. රැකියාවෙහි කොන්දේසි සරළය. සෑම දිනෙක මා උපයන ආදායම "බොස්" ට ලබා දිය යුතු වන අතර ආදායමේ තරම මත "බොස්' විසින් තමනට කැමති මුදලක් මා අතට පත් කරණු ඇත. ඉඳ හිට ගැටයක් කපා අමතර ආදායමක් සොයා ගැනීමට බාධාවක් නොවුනද, එම කාර්යය වෙනත් "බොස්' කෙනෙකු යටතේ සිදු කෙරුණු බැවින් අපගේ "බොස්" ඒ සඳහා අප වැඩි වශයෙන් උනන්දු නොකිරීමට වගබලා ගත්තේ ගැටුම් අවම කරවා ගැනීමට විය යුතුය. මුදල් සඟවා ගැනීම හෝ වෙන යම් සෙල්ලම් දැමීමට යාම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමක් විය හැකි බවට ආරම්භයේදීම කෙරුණු පැහැදිලි අනතුරු ඇඟවීමකි.

සෝමදාස හෙවත් සෝමේ මා හඳුනා ගන්නේ මේ ඔස්සේය. ඔහු වසර ගනනාවක සිටම බොරැල්ල මංසන්දියෙහි සිගමනෙහි යෙදී සිටින යාචකෙයෙකු බවට මා හට දැන ගන්නට ලැබුනි. වයස හැට ඉක්මවූවෙකැයි අනුමාන කළ හැකි වුවද, රැකියාවට පැමිණ කෙටි කලෙකින්ම සිගන්නන්ගේ පෙනුම බලා වයස කිව නොහැකි බව මම අවභෝධ කොටගෙන සිටියෙමි. රජය විසින් උපරිම වයස් සීමාවක් නිර්ණය කිරීමට අමතක කර දමා තිබූ මේ රැකියාවට වයස වැඩි වීම, අංගවිකල වීම, ආබාධිත වීම් ආශිර්වාදයන්ය. "බොස්" පවා එවැන්නන් කෙරෙහි වැඩි අවධානයක් හා සැලකිල්ළක් දැක්වීය.

මත් පැනට ඉතා ගිජු වූවකු වූ සෝමේ, දවසේ උපයන ආදායමෙන් වැඩි කොටසක් සෑම දිනකම මත් පැන් වෙනුවෙන් වැය කළේය. මුලදි මුලදි ඔහු හා මිතුරු වීමටත්, ඔහුගෙන් වැඩි වැඩියෙන් උදව් පදව් හා රැකියාවට අදාල වූ සියුම් ක්‍රම වේදයන් දැන හඳුනා ගැනීම උදෙසාත් මම ඔහුගේ මෙම දුර්වලතාවය පාවිච්චි කෙළෙමි. එකම මංසන්දියෙක උදෑසන සිට වෙහෙසෙන සෝමේ සහ මා, හවස ගනු දෙනු පියවීමෙන් පසු බොරැල්ල වෙලඳ සංකීර්ණයේ අඳුරු මුල්ලක් රාත්‍රිය ගතකිරීම සඳහා තෝරාගෙන තිබුණි. කඩෙන් රැගෙන එන බත් පැකට් දෙකක් සහ සෝමේ විසින් නොවරදවා ගනු ලබන මත් පැන් බෝතලයෙන් සප්පායම් වන අප, නිදි දෙව් දුව සොයා යන්නේ බලාපොරොත්තු නොමැති හෙට දිනක් බලාපොරොත්තුවෙනි. බොහෝ කළකට පසු මා හට මිතුරකු ලැබි තිබුනෙ එසේය. සියයේ සිට බිංදුවට ඇද වැටුනු මා නැවතත් ඉහලට නැගීමේ අරමුණ පෙරදැරිව මෙසේ ජීවිතයට මුහුණ දෙමින් සිටියෙමි.

සිගමනෙන් ලද ආදායම පිළිබඳව මා මවිත නොවුයේයැයි කිවහොත් එය අමුම අමු මුසාවකි. ඒය ඒ තරම්ම විශාලය. විටෙක මටම සිනා සෙමින් "මේ රැකියාවට පැමිණීමට මෙතරම් ප්‍රමාද වූයේ මංදැයි" මගෙන්ම අසා ගනිමි.මෙහි නැත්තෙ සමාජ තත්ත්වය පමණි. සම්පූර්ණ එකතුව මා හට ලැබුනේ නම් එය මා කලින් ලද වැටුප මෙන් දෙගුණයක්වත් වනු ඇත. එහෙත් සෑම තැනකදීම මෙන්ම, මෙහිද වැඩි ප්රතිලාභ ලාභියා වූයේ "බොස්" ය.

ooooo

"එදා උදේ ඉඳන් සෑහෙන මහන්සි වෙලා හිටියේ ෆාදර්. කලෙක්ෂන් එකත් සෑහෙන හොඳයි. හැන්දෑවෙ හතරට විතර මම මහන්සි හින්දා, පාරෙ මැද්දෙ තිබුනු පේව්මන්ට් එකේ වැටට ටිකක් හේත්තු වෙලා මහන්සි ඇරගන්න ගමන් හිටියේ..."

සංඥා එළි යට නතරව තිබූ වාහන වලින් සිගමන් යදිමින් සිටි සෝමේ ගේ එක් ක්‍රියාකාරකමක්, මා හට එක් වරම මාගේ මතකය වසර ගනනාවක් අතිතයේ සිදුවූ, එහෙත් කාලයේ වැලි තලාවෙන් යටව අමතකව ගොස් තිබු, ඇත්තෙන්ම මාගේ ජීවිතයට අදාල නොවන්නේයැයි සිතුනු හෙයින් මා විසින් අමතක කර දමා තිබූ එක් සිද්දියක් නැවතත් සිහි කැඳවීය. මොන මොනවාදෝ කියමින් සෝමේගෙ හැරමිටිය තෙවරක් බිමට අනිනවාත්, ඒ සමඟින් දඩං හඬින් ඔහුගේ හැර මිටියෙන් වාහනයට වැදුනු පහරත්, ඒ සම්බන්දයෙන් මාහට ඇති අත්දැකීම නැවත මතකයට නැගීමට හොඳටම ප්‍රමාණවත් වීය. වාහනයේ හිමිකරු බැන වදිමින් සෝමේ පසු පස අඩි දෙක තුනක් දිව ආවද නැවත හැරී ගොස්, වාහනය මදක් පරික්ෂා කර බලා වාහනයට ගොඩ විය. සෝමේ වාහන අතරින් නොපෙනී සැඟව ගියේ ක්ෂණිකව නොපෙනී සැඟව යන නින්ජා වරයෙකු මෙනි.

වහා යුහුසුළු වූ මා කිහිලිකරු වාරුවෙන්, කොර ගසමින් එහෙත් ඉක්මන් ගමනින් සෝමේ හමුවට ගියෙමි. ඔහුව හමුවූ විට මා ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියේ සිතෙහි ලාවට මෙන් ඇඳි තිබූ ඒ රුව මතකයට නංවා ගැනීමටය. දත් නැති මුව, පෙරලුනු තොල්, වැවුනු රැවුල.. ඔව් මේ ඔහුම බවට කිසිඳු සැකයක් නොමැත. මේ සිද්ධිය නොවන්නට ඒ රුව කිසිම අයුරකින් නැවත මෙසේ මාගේ මතකයට නො එනු ඇත.

"මොකද උඹට වෙලා තියෙන්නෙ ? " සෝමේගේ හඬින් මා පියවි ලොවට පැමිණි නමුදු, මම මවිතයේත්, කුතුහලයේත් උපරිමයෙහි රැඳි සිටියෙමි. මගෙන් සිගමනක් පතා මා වෙත අත පෑ මිනිසකු සමඟින් එක්ව සිඟා කෑමට සැලැස්වීමට තරම් මාගේ දෛවය මා හට අකාරුණික වී තිබීම ගැන මා සිටියේ දෛවයෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳ ඉමහත් මවිතයකිනි. ඕනෑම මිනිසෙකුව, ඕනෑම තත්ත්වයකට පත් කළ හැකි බවට මා ජීවමාන සාක්ෂියක් නොවන්නේද !? තවද, සෝමේ විසින් සිදු කරණ මෙම අමුතු ක්‍රියාව පසු පස ඇත්තෙ කුමක්දැයි දැන ගැනීමේ කුතුහලයත් නො අඩුවම මා හට විය. එහෙත් මේ එයට වේලාව නොවේ. ඔව්, අරක්කු !

එදින සවස අප නවාතැන්පල බලා ඇදීමට පෙර මා විසින් වෙනදා සෝමේ විසින් ගනු ලබන භාගය වෙනුවට මෙදින අරක්කු බෝතලයක්ම මිළදී ගතිමි. ඔහුව මත්පැනින් නහවා මගේ කුතුහලය සංසිදුවා ගැනීම අරමුණයි.

නිසි කල් යල් බලා, සෝමේ නිසි පදමට ලංවූ කල්හී මම ප්‍රශ්ණය ඉදිරිපත් කෙළෙමි.

" ඒයි සෝමේ, මොකෝ බන් උඹ අද හවස අර වාහනේට පොල්ලෙන් දමලා ඇරියේ. තව පොඩ්ඩෙන් ඌ උඹව සම්බෝල කරනවා... "

"හෙහ්... හෙහ් ඌ ඌ.. කොහෙ අල්ලන්ඩද බන් මාව.. අල්ලයි මගෙ නැට්ට.. හෙහ්.."

"ඇයි ඉතින් උඹ පොල්ලෙන් හැහුවේ.. උඹ හැමදාම ඔහොම වාහන වලට ගහනවද ?"

"නෑ ශනා මම හැමදාම ඔහොම කරන්නැ...අරී.. හැමදාම ඕම කරන්නෑ.. " මත් පැන් යහමින් ක්‍රියත්මක වෙමින් පැවතුනි.

"මම් ඕම කරන්නේ බල්ලන්ට විතරයි මලේ.. බල්ලොන්ට විතරයි..අපි හිගන්නෝ තමා බන්.. ඒ වුනාට අපි උන්ගේ අත් පල්ලෙන් වැටිලා නෑනෙ.. උඹ දන්නවද සමහර බල්ලෝ අපිට හිනා වෙනවා මලේ අපිව දැක්කම.. මට ඒ බැල්ලිගෙ පුතාලව පේන්න බෑ... හරී.."

"අඩෝ අපි හිඟා කෑවට උන්ට වැඩිය හම්බ කොරනවා කියලා ඔය මහත්තුරු දන්නවද දන්නැ... අම්මගෙ සෙද්දේ මහත්තුරු.. සමහර එවුන්ගෙ අතේ පිච්චිය නෑ.. මහ ලොකු වාහන වල ගියාට. අම්මගෙ ශෙද්දෙ මහත්තුරු.. හෙහ්.. ක්‍රැශ් .. තුප් හ්..."

"ඉතිං ඌ උඹට හිනා වුනාද ? "

"නැතුව...! අහවල් මගුලකටද මම එහෙනම් ඌට ගැහුවෙ ??"

"උඹ මීට කලිනුත් ඔහොම කරලා තියනවද සෝමෙ අයියේ ?"

"වැඩිය නෑ බන් දෙතුන් පාරක්..මට හිනා වුන බල්ලො දෙතුන් දෙනෙකුට.." ක්රාහ් තුප් හ්. එයින් එක් බල්ලෙක් ඔහු ඉදිරියෙහි බව ඔහු දන්නේ නම් !

"ඉතින් ඇයි බන් සෝමෙ අයියේ උඹ එහෙම කරන්නෙ ? ඔහොම ගැහුවා කියලා උන්ට දැනෙන්නෙවත් නෑනෙ. අනික උන් දන්නෙත් නැනෙ උඹ මොකට එහෙම ගැහුවද කියලා."

"යකෝ උඹ මාත් එක්ක එකට හිගා කණ එකා තමා, ඒත් ඒවා දේව රහශ් මලේ.. අහන්නනම් එපා මම් කියන්නෑ..." මෙහි, සිනාසෙන අයට පහර දෙනවාට වඩා වැඩි දෙයක් ඇති බව මා හට එයින් පැහැදිලි විය. කුතුහලය දෙගුණ විය.

"ආඅන්න ආන්න සෝමෙ අයියේ උඹ මටත් කොලේ වහන්න හදනවා. එකට කන එකා වෙච්චි මටත් කියහන්කෝ ඉතින් හොඳ එකා වගේ"

මුලින් මුලින් ඔහු විසින් එය පැවසීම ප්‍රතික්ෂේප කෙළේය. නමුත් මත්පැනින් මනාව පෝෂණය වන විට, මා විසින් ඔහුව චාටුවෙන් මුරුංගා ගසෙහි දල්ලටම ගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගෙ හදවත විවර කරවා ගැනීමට මා හට හැකි විය.

"මලේ මේ අහපන්.. මම මේක උඹට විතරමයි ඕන් කියන්නේ..ශරි.. ආයෙ කටේ කෙල බිඳක් බිම තියනවා නෙමේ ඕන්.. එහෙම කළොත් මම උඹව ඉතුරු කරන්නෑ.. ආයෙ එකේ දෙකක් නෑ.. ශරි.." ක්රාක්හ් තුප් හ්..

"කිව්වට පිළිගනින් ඕන්. මං ගාව තියනවා බන් පොඩි මන්තරයක්..ඕක මට දුන්නේ අපේ සීයා. උන්දෑ රුහුණේ මහ බලගතු මන්තරකාරයා. සීයාගේ ශාශ්තරේ අපි කාටවත් හරියට දුන්නේ නෑ. එක එකාට පොඩ්ඩ පොඩ්ඩ තමා දුන්න්නෙ. ඒක මතුරලා කාට හරි ඔහොම ගැහුවොත් ඌ ආයෙ විනාශයි...නැත්තටම නැති බංගස්තාන වෙනවා ඕන්. දැන ගනින්..මට ඔය අපේ බොශාව උනත් ලොකු නෑ බොල.. ඌ දන්නෑ මම කවුද කියලා.. ඕකා මාව ශූරන් කන්න හැදුවොත් මම ඕකටත් දෙනවා ශම්බුව.........." ඔහු විසින් තව තවත් මොන මොනවාදෝ දෙඩෙව්වද ඒ කිසිවක් මාගේ සවන් පත් අතරින් නොගියේය...මුලින්ම මා එය පිළිනොගත්තෙමි. සිහිනයක් දකිනවා යැයි සිතුවෙමි. හිස භ්‍රමණය වීමට ආරම්භ වූයෙ මත්පැන් නිසා නොවන බව සහතිකය. මොහොතකට සියල්ල විශ්වාසයත්, අවිශ්වාසයත් අතර දෝලනය විය. මාගේ ජීවිතය විනාශ කළ පුද්ගලයා මා ඉදිරියෙහි මත්වී නන් දොඩවමින් සිටී. මා කළ යුත්තේ කුමක්ද ?

පලිගැනීමේ දූතයා නිදි ගැට හරිමින් අවදි වෙමින් සිටි භයානක නිමේශයයි ඒ.. මාගේ ජීවිතය එහෙම් පිටින්ම විනාශ කල මේ කාලකණ්නියාට තව දුරටත් ජීවත් වීමට ඉඩ දිය යුතුද ? තව කීදෙනෙකුගේ ජීවිත මෙලෙසින් විනාශ නොකරාවිද ? මේ කාලකණිනියාගේ මුහුණ දුටු විට හිනා නොයන්නේ කාටද ? මම නොදන්නා අර පුද්ගලයා ගැන අවංකවම දුක් වූවෙමි. ඔහුට විඳිමට සිදුවන කරදර, ගැහැට වල ප්‍රමාණය ඔහු දන්නේ නම්.. ! අනෙක් අතට මූ කියන්නේ හුදු හිතලුවක්නම් ! මූගේ හිතලුව හා මගේ දෛවෝපගත ඇදවැටීම අහබු ලෙස හමු වූ සිද්දීන් ද්විත්වයක් විය නොහැකිද ? එසේනම් මූ තමා සතුව ඇතැයි සිතාගෙන සිටින මායාවී බලයක් පිළිබඳ හුදු සිහින දකින්නෙක් පමණක්ම විය හැකිය. මුගෙන් පහර කණ සියල්ලන් මා මෙන් විනාශයෙහි පතුලටම අද නොවැටෙනවාත් වන්නට පුළුවන. "පොඩ්ඩක් හිටහන්" මම මා හටම විධාන කෙළෙමි. "උඹට වෙච්ච දේ ආයෙ හිතලා බලපන්, මෝඩයා. මේ යකා කියන්නේ ඇත්ත තමා.. හිතපන් උඹේ විනාශය කොහොමද පටන් ගත්තේ කියලා. මුළු ලෝකයම උඹව කොන් කළා මතක නැද්ද ? එහෙම වුනේ මොකක් හරි අත්භූත යමක් නිසා නොවෙයිද ? මිනිස්සු ඇදගෙන වැටෙනවා තමා, ඒත් උඹට වුනා වගේ දෙයක් අහලවත් තියනවාද ? මේ කාලකණ්නියා කියන්නේ ඇත්ත තමා.. ඔය ඉන්නේ උඹේ විනාශයේ දූතයා. ඉතින් දැන් උඹ මොකද කරන්නෙ ?"

මාගේ දෛවය මා හට පෙන්වමින් සිටින මේ රඟදැක්වීම කුමක් විය හැකිද ? අවසන එය විසින්, මාව විනාශ කළ පුද්ගලයා යැයි සිතිය හැකි පුද්ගලයා අභිමුඛයටම මා ගෙනැවිත් ඇත. මා එය සම්පූර්ණ කළ යුතුද ? නොකළ යුත්තෙ මන්ද !

තවමත් මොන මොනවාදෝ වෙරි මතින් කියවමින් සිටි කාළකණ්නියා දෙස මම අධික පිළිකුලින් යුතුව බැලිමි. මත්පැනට ඉතා කෑදර මේ හිඟන කාලකණ්නියා, නැවතත් බෝතලය අතට ගෙන අමු අමුවේ උගුරට හලා ගනිමින් සිටියේය. ඌ සිය ජීවිතයේ බොන අවසන් අරක්කු වඩිය දෙස මම ද්වේෂය, පිළිකුල, නොයිවසිල්ල මුසු බැල්මකින් බලාගෙන සිටියෙමි.

-- නිමි --

ලියුවේ :

~~ සෙන්නා / 15.05.2015

සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com1tag:blogger.com,1999:blog-3368399410311614148.post-55435589712286414902014-05-10T10:46:00.000+05:302014-05-10T10:46:56.382+05:30නිඛිලගේ සිතුවම් දැක්ම....2

10.05.2014

මගේ පවුල..

අකුණු ගගහ වහිනවා

මල සහ මීමැස්සා

Flower Dino

Dino

LEGO ART

සර්පයෙක් කොටේට එතිලා

තලගොයා ගසට නගී

WILDER DOG

Dino VS Tree

මමයි, යාළුවයි

ඇන්දේ / නිඛිල 10.05.2014

සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com5tag:blogger.com,1999:blog-3368399410311614148.post-59633338607975192432014-04-17T10:38:00.001+05:302014-05-05T14:23:58.304+05:30නිඛිලගේ සිතුවම් දැක්ම....

මැයි 05, 2014

මම ඔබට තෑග්ගක් දෙන්නම්

මරිය තුමී

මුහුදු වෙරලක්

ගස් කැපීම

Google

මුහුදු වෙරලක්

නයෙක් ගෙට යාම

සිංහයා සහ බැටළුවා

කැලෑ යහළුවෝ

ඇන්දේ : නිඛිල / 17.04.2014

සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com3tag:blogger.com,1999:blog-3368399410311614148.post-3237209095208695842014-03-12T15:55:00.000+05:302014-03-12T15:55:27.517+05:30අත්භූත අමුත්තා

2014 මැදින් මස 12වනදා

තිරිවානා පැහැති ගල් ජාතියකින් නෙලලා තිබුණු බුද්ධ රූපේ දකුණු පැත්තට වෙන්න තිබුණ සමරු ඵලකයේ වාක්‍ය පේළිය කියවන්න තමා මම උත්සහ කරමින් හිටියේ. කාගේදෝ අදහසකට අනුව, තව කෙනෙකුගේ ආරාධනයෙන්, තවත් කෙනෙකුගේ මැදිහත් වීමෙන්, තවත් කෙනෙකුගේ අධීක්ෂණයෙන් ඉදිවූ ගොඩනැගිල්ල තවත් කෙනෙකු අතින් විවෘත්ත වුණා කියලා කොටලා ඇති, ආයේ ඒකෙ සැකයක් නෑ. ආර්. ප්‍රේමදාස, බී සිරිසේන කුරේ, ජේ.ආර්. ජයවර්ධන කියනව වචන ලොකුවට කොටලා තිබුණ නිසා මම ඉන්න තැන ඉඳන් පහසුවෙන් කියව ගන්න පුළුවන් වුණාට අනිත් අය ගැන දැන ගන්න ඕනානම් ඉතින් ළඟටම යන්න වෙනවා.

මම වාඩි වෙලා හිටියේ පබ් එක ඉස්සරහා තිබුණ ඕවලාකාර බැම්මේ පබ් එකේ ඉදිරි පසට මුහුණ දාලා. අසංක එනකම්. පබ් එකේ පාඩම් කරන එක පැෂන් එකක් වෙලා තිබුණ හින්දද කොහෙද අපිත් පබ් එකට ඇවිල්ලා පාඩම් කරන්න පුරුදු වෙලා හිටියේ රැල්ලට ගහගෙන ගිය හින්දා මිසක් ගෙදර පාඩම් කරගන්න බැරිකමක් නිසා නෙමේ. නැත්නම් මුහුද අද්දර තිබුණු අපේ ගේ ගාව නිස්කලංකව පාඩම් කරන්න තැන් එමටයි. අසංක එනකම් මට වෙන කරන්න වැඩක් නොතිබුණ නිසා මම ළඟ තිබුණ බුදු පිළිමය දිහා බලාගෙන අනිමිසලෝචනයේ යෙදෙමින් ඉන්න කොට තමා පබ් එක හදවපු අයගේ විස්තරේ මගේ ඇහැ ගැටුණේ. හදවපු අය ගැන මිසක් හදපු අය ගැනනම් කිසිම සඳහනක් එහි තිබුණේ නෑ. මේ ලෝකේ කොහොමත් වැඩකරන මිනිහට වඩා වැඩ කරවන මිනිහගේ තමා නම යන්නේ. රුවන්වැලි මහ සෑය හැදුවෙත් දුටු ගැමුණු රජ්ජුරුවෝ නෙමේනෙ. අනිත් ඔක්කොමත් ඔහොමම තමා.

කවුරු හරි අපි දිහා එක එල්ලේ බලා ඉන්නකොට, අපිට ඒ මනුස්සයා ඉන්න දිහා බලන්න හිතෙන ඒ අරුම පුදුම හැඟීම ඕගොල්ලොත් විඳලා ඇති නේද ? ඔන්න ඔය මොහොතෙම මට ඒ හැඟීම තදින්ම දැනුණ නිසා තමා මම බෙල්ල හරවලා වම් පැත්තෙන් පිටි පස්ස බැලුවේ. මම දිහා කන්න වගේ බලාගෙන මට ටිකක් එහායින් වාඩි වෙලා හිටපු මනුස්සයාව දැක්කම මාව එක පාරම ගැස්සුණා. මට එයා එනවා කියලා හාන්කවිසියක්වත් තේරුන්නෑනෙ !

බැලූ බැල්මට එයාට වයස අවුරුදු හතළිහකට කිට්ටු කරලා ඇති. කොණ්ඩේ කොටට කපලා, මොනවා හරි ජෙල් වගයක් ගාලා නීට් එකට පස්සට වෙන්න පීරලා තිබුණා. රැවුල ෆුල් ෂේව් කරලා. හරිම ප්‍රසන්න පෙනුමක් මම එයාගෙන් දැක්කේ. ඒ එක්කම මනුස්සයව කවදා හරි කොහේදී හරි මීට කලින් හම්බෙලා තියනවාය කියන හැඟීමත් මට ඒ වෙලේ තදින්ම දැනුණා. මම පොඩ්ඩක් කල්පනා කරේ කොහෙදිද මීට කලින් මෙයාව දැක්කේ කියලා මතක් කර ගන්න. ඒත් මට එහෙම මතකයක් සිහියට නගා ගන්න බැරි වුණා.

එයා මාත් එක්ක හිනා වෙච්ච නිසා මමත් හිනාවකින් සංග්‍රහා කරන ගමන් සිරස් බැම්මට පිට දීලා හරි බරි ගැහිලා වාඩි වුණා.

"මොකද බුදු පිළිමෙ දිහා බලාගෙන කරන්නේ ? ගිහි ගෙය අතාරින්නද කල්පනාව ?"එයා මගෙන් ඇහුවේ හිනා වෙන ගමන්. මම ඒකටත් ලාවට හිනා වුණා මිසක් උත්තර දෙන්න ගියේ නෑ.

"පුතා සමන්ත නේද ?" මේ ප්‍රශ්නෙන් මම තවත් හොල්මන් වුණා. එයා කොහොමද මගේ නම දන්නේ කියන ප්‍රශ්නෙ නිකන්ම මට මතුවුණා.

"ඔයා කොහොමද දන්නේ? ඔයා කවුද?"

"මම දන්නවා, ඒත් ඒ කොහොමද කියලා අහන්න එපා." එහෙම කියපු ඔහු කට කොනකින් හිනා වුණා..

"අසංක එනකම් නේද ඉන්නේ ? පාඩම් කරන්න යන්න !" එළියට පනින්න ඔන්න මෙන්න තරමට ලොකු වුණ මගේ ඇස් ගෙඩි දෙකෙන් මම එයා දිහා කන්න වගේ බලන් හිටියේ "මොකෙක්ද මූ? " කියලා මගෙන්ම අහ ගන්න ගමන්.

"ඔයා කවුද ? කොහොමද මාව දන්නේ ?"

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." මම දිගටම පුදුමයෙන්.

එයත් එක්ක කතා කරනකම්ම මම හිතෙන් උත්සහා කරේ මෙයා කවුද කියලා මතක් කරගන්න. මගේ නම, අසංකගේ නම, මම මෙතන ඉන්න හේතුව දන්න නිසා මෙයා මම ගැන හොඳින් දන්න කවුරුහරි වෙන්න ඕනා කියලා මම අනුමාන කළා. සමහර විට මම නොදන්න අපේ නෑයෙක් වෙන්නත් පුළුවන් ! සාමාන්‍යයෙන් මම අදුනන්නැති අය එක්ක එච්චර බජනෙකට යන්නේ නෑ. වචනෙන් දෙකෙන් උත්තර දීලා නිකන් ඉන්නවා. හැබැයි මෙයා එක්ක කතා කරන්නනම් මට කිසිම චකිතයක්වත්, අකමැත්තක්වත් තිබුණේ නෑ. බර වෙලා තිබුණ අහස දිහා බලලා "වහින්න වගේ නේද?"කියලා ආයේ පටන් ගත්තු අපේ කතාව අතරින් පතර නැවතෙමින්, විවිධ මාතෘකා ඔස්සේ ඇදිලා ගිහිල්ලා අන්තිමට වර්ෂාවසානයේ පැවැත්වීමට නියමිත අපේ විභාගේ දක්වාම ආවා.

"හැබැයි පුතාට මේ අවුරුද්දේ විභාගේ කරන්නනම් වෙන්නේ නෑ." මේ පාරනම් පුදුමය වැඩි කමට මගේ කටත් ඇරුනා. ඒත් ඊලඟට මම ඒක විහිලුවක් හැටියට තමා සැලකුවේ.

"ඇයි ඒ !? ඔයා කොහොමද දන්නේ ? "

"මම වැඩි විස්තර කියන්නේ නෑ. යම් හෙයකින් ඔයා වෙන්න තියනදේ වලක්වන්න හැදුවොත් ඒක ඉතාම නරක විදිහට අනාගතයට බලපාන්න පුළුවන්. කොහොමත් ඒකෙන් ඔයාට ලොකු හානියක් වෙන්නේ නෑ."

"මම යන්නම්, යාළුවා එනවා." අසංක ආපු හින්දා මම එයාගෙන් වෙන්වෙලා පබ් එක ඇතුළට යන්න අසංක එක්ක එකතු වුණා. තමන් කවුදැයි හඳුන්වා දීම දිගින් දිගටම මගහැරපු නිසා මම ආයෙ එයාගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ.

"කවුද බන් ඒ ?"

"අනේ මංදා බන්, මහ අමුතු පොරක්. මිනිහා කියනවා මට මෙදාපාර විභාගේ කරන්න හම්බෙන්නෑල්ලු." ඒ මනුස්සයාව පිස්සෙක් කියලා හඳුන්වන්න තරම් මම ඉක්මන් වුණේ නෑ.මොකක් හරි නොතේරෙන හේතුවක් නිසා මම මේ මනුස්සයට ලොකු ලෙන්ගතු කමක් දක්වනවා. ඒ මොකද කියලා මටම හිතා ගන්න බෑ.

"මිනිහා කොහොමද එහෙම කියන්නේ? එයා සාත්තර කාරයෙක්ද?"කොහෙද යන පිස්සෙක්ද කොහෙද !"

"අනේ මංදා බන් මටත් තේරෙන්නෑ."

"මම හිතුවේ උඹලෑ අයියා කෙනෙක් වෙන්නැති කියලා. මිනිහා ටිකක් උඹ වගේමයි." අසංක එහෙම කිව්වේ හිනා වෙවී.

"මොකාක් !! මම වගේ !??"නිරාසයෙන්ම මම ආපසු හැරුනේ ඔහුව නැවත දැක ගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් ඒ වන විටත් ඔහු එතනින් අන්ත්‍රස්දාන වී තිබුනි.

එහෙනම් මම හිතුවා හරි. එයා අපේ නෑ කෙනෙක් වෙන්නෝනා. ඒත් එහෙනම් මම එයාව නොදන්නේ කොහොමද ?

විභාගය වෙනුවෙන් දිගින් දිගටම මහන්සි වෙච්ච නිසා, මේ සිද්ධිය මට එහෙම් පිටින්ම අමතක වෙලා ගියා. ඒත් නොවැම්බර් මාසේ අන්තිමදා වෙච්ච මෝටර් සයිකල් අනතුර නිසා ආයෙත් ඔහුව මතක් වුණේ මාසයක් එකහාමාරක් විතර යනකම් දකුණු අතෙන් වැඩක් ගන්න බැරිවෙනවා කියලා දැන ගත්තමයි. මේ වෙනකම් වෙච්ච මහන්සිය වතුරේ ! ඊට පස්සේ අසංකයි මමයි කවුද මේ මනුස්සයා කියලා වරු ගණන් කතා කරන්න ඇති. දවස් ගාණක් පබ් එක ඉස්සරහා මුර කළත් ආයෙ එයාවනම් දකින්න ලැබුණේ නෑ. මේ ලෝකේ අරුම පුදුම මිනිස්සු ඉන්නවා කියලා හිතහදා ගන්නවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් ඉතුරු වෙලා තිබුණේ නෑ.

මාස කිහිපයක් ඔහොම්මම ගෙවිලා ගියා. දැන් මට තනියමම විභාග කඩුල්ල වෙනුවෙන් ලක ලෑස්ති වෙන්න වෙලා තියන නිසා පබ් උණ එහෙම හොඳ වෙලා තිබුණේ. ගේ ගාවම තිබුණ බීච් එකේ, හෙවණක් යට පොල් කොටන් හිටෝලා අටව ගත්තු තාවකාලික බංකු කෑල්ලකුයි, ඒ විදිහටම හදාගත්තු මේස කෑල්ලකුයි එක්ක මම ආයෙත් වැඩේට බැස්සා. පබ් එකට වැඩිය මේක බොහොම නිස්කලංකයි. යන්න එන්න යන වෙලාවයි, සල්ලියිත් ඉතුරුයි.

එදා මගේ අවධානය තදින්ම ගාණකට යොමු වෙලා තිබුණ වෙලාවෙ කවුදෝ මගේ පිටිපස්සේ ඉඳන් "පුතා කොහොමද ? පාඩම් කරනවා වගේ !" කියනවා ඇහිලයි මම පිටිපස්ස හැරිලා බැලුවේ. දෙවියනේ ! එයා !! ආයෙත් !! මගේ ඇස් ගෙඩි දෙක දොඩම් ගෙඩි දෙකක් විතර ලොකු වෙන්න ඇති මේ බලාපොරොත්තු නොවුන මේ හමුවීමෙන්.

"අපි ඔයාව කොච්චර හෙව්වද ? ඊට පස්සේ නිකන්වත් දකින්න ලැබුණේ නෑනෙ !?"

"මට ඊට පස්සේ එන්න බැරුව ගියා. ඉතින් කොහොමද? ආයේ පාඩම් කරනවා වගේ !?"

"ඒකනෙ ! අපි හිතුවේ ඒක විහිළුවක් කියලා. ඔයා කියපු එක එහෙම් පිටින්ම අමතක වෙලයි තිබුණේ මේ සිද්ධිය වෙනකම්ම. ඔයා ඇත්තටම කවුද? කොහොමද එහෙම අනාවැකියක් හරියටම කිව්වේ?

"මට ඔයිට වැඩිය අනාවැකිත් කියන්න පුළුවන්. හරියටම හරි යන ඒවා. ඔයාට ඒක දැන ගන්න ලැබෙන දවසක් තියනවා පුතා. එතකන් ඉන්න. මම ඒ ගැන මොකුත්ම කියන්නෙ නෑ."

"එහෙනම් ඉතින් කියන්න පුළුවන් කියපු අනාවැකිවත් කියන්න."මම කිව්වේ හිනාවෙන ගමන්. හිනාවුණේ ඔහුට මම කියන දේ විහිළුවක් කියලා පෙන්වන්න. ඒත් ඇත්තටම අනාගතයේදී වෙන්නේ මොනවද කියලා දැනගන්න කාටත් තියන කුතුහලය මටත් අඩු නැතුවම තිබුණා.

ඒත් ඊට පස්සේ එයා අපේ පවුලේ විස්තරයි වෙන වෙන දේවලුයි පැත්තට කතාව අරගෙන ගියා. එයා එහෙම අනාවැකි කියන්න එච්චර මනාපයක් පෙන්නුවෙ නෑ කියලා තමා මට හිතුනේ. ඒත් මගේ කුතුහලය ඊට වැඩිය වැඩියි. ඒක නිසාම ඒ ගැන මම එයාට ආයෙත් මතක් කළා.

"හරි කියන්නම්, හැබැයි ඔයාගේ පුද්ගලික ජීවිතේ ගැන වෙන මුකුත්ම මම කියන්නේ නෑ. ඒක ඔයාට ලොකු මානසික වදයක් වෙයි. හෙට මොනවද වෙන්නෙ කියලා අද දැනගෙන ජීවත් වෙන එක විශාලා මානසික පීඩනයක්. ඒකයි අනාගතේ අපි හැමෝගෙන්ම වහලා තියෙන්නේ.

"එහෙනම් ඇයි එදා කියුවේ? මම විභාගෙට ලෑස්ති වෙන වෙලාවක වෙලත් !" මේ වෙලාවෙනම් මට ඔහු ගැන ටිකක් කේන්ති ගියා කියුවොත් වැරදි නෑ..

"ආහ් ඒක !, මට නිකමට හිතුණා ඔයාට මම ගැන පොඩි ඉඟියක් දෙන්න. අනික මම දැනගෙන හිටියා ඔයා ඒක විශ්වාස නොකර අමතක කරලා දාන බව. ඒත් දැන් තත්ත්වය වෙනස්. දැන් මම කියන හැම අකුරක්ම ඔයා විශ්වාස කරනවා."

"හරි මට තේරුණා. එහෙනම් ඉතින් ඔයාට කියන්න තියෙන්නෙ රටට ලෝකෙට වෙන්නෙ මොනාද කියලා තමා."

"ඔව්, මේ ටික අහගන්න. ඕනනම් කොහෙ හරි ලියා ගන්න. හැබයි කා එක්කවත් ඕවා කියන්න යන්න එපා. කවුරුවත් විශ්වාස කරන්නේනෑ. ඔයාට පිස්සු කියලා හිතනවා මිසක්. හරිද?" මම හා කියලා ඔළුව දෙපැත්තට වැනුවා.

"අනිත් එක මම වෙන අවුරුද්ද විතරයි කියන්නේ, දිනේ කියන්නෑ. ඔයා මොකක් හරි වෙනසක් කරන්න හැදුවොත් ඒක අනාගතේට දරුණු විදිහට බලපාන්න පුළුවන්. තේරුණාද? ඔයා මේවා නිකන් හිතේ තියා ගන්න. එච්චරයි. කොහොමත් වෙන්න තියනදේ වෙනවා." මම ආයෙත් ඔළුව වැනුවා.

"1993දී, ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරයා මියයනවා. බෝම්බෙකට අහුවෙලා."

"නෑහ්...." ඒකට ඔහු නහයෙන් පිඹින ගමන් කට කොනකින් හිනා වුනා.

"නෑ නෙමේ ඔව්. බලාගෙන ඉන්නකෝ ඒකට තව වැඩිකාලයක් නෑනෙ."

" ඊට පස්සේ....1996දී ඕගොල්ලන්ට බොහොම සතුටු වෙන්න පුළුවන් දෙයක් වෙනවා."

"නෑහ්!.. ඒ මොකක්ද?"

"ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගන්නවා."

"මොකාක් !! වෙන්න බෑ ! අපි කොහොමද ලෝක කුසලානයක් දිනන්නෙ ? වෙන්න බෑ. " මගේ වචන අහපු ඔහු හිනා වුණා. "හරි දැන් ඔයාට තේරෙනව නේද මේවා කාට හරි කියුවට කවුරුවත් පිළිගන්නේ නෑ කියලා. අත්දැකීමෙන් දන්න ඔයත් පිළිගන්නේ නැති කොට. හෙහ් හෙහ්.. අඩුම ගානේ ඔයාගෙ යාළුවටවත් කියන්න යන්න එපා."

"අනිත් එක තමා 2004දී මුහුද ගොඩ ගලලා විශාල විනාශයක් වෙනවා. දාස් ගාණක් මැරෙනවා එකෙන්."

"දෙවියනේ ! ඒ මොකද ඒ ? අඩුම ගානේ ඒකවත් කාටවත් කියන්න එපාද ? වෙන්න තියන විනාශය වළක්වගන්නවත් ! "

"එපා. වෙන්න තියන දේවල් වෙන්නම ඕනා. ඒවා වෙනස් කරන්න හොඳ නෑ. ඒවා එහෙම වෙන්න හොඳ හේතු ඇති. අපි නොදන්නවා වුණාට."

"එතකොට මේ යුද්දෙට මොකද වෙන්නේ ? කවද්ද මේක ඉවර වෙන්නෙ? "

"ආහ්.. ඒක මට අමතක වුණානෙ. ඔව්, යුද්දේ ඉවර වෙනවා. හැබැයි අද හෙට නෙමේ 2009දී. සෑහෙන විශාල කැපකිරීම්, විනාශවීම් ගොඩකට පස්සේ හමුදාව ත්‍රස්තවාදීන්ව පරාජය කරලා දිනනවා. ඒත්... "

"ඇත්තද ! ඒකනම් බොහොම සතුටට කාරණයක්. ඇයි ඒත් කියලා නැවැත්තුවේ?"

"යුද්දේ ඉවර වුණාට, ලංකාවට කරන්න වෙන යුද්ධයක් ඉතුරු වෙනවා. ඒ තමයි මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට උත්තර හොයන්න වෙන එක. ඒක හරියට කළමනාකරණය කර නොගත්තොත් යුද්ධෙන් බැරි වෙච්ච ඊළම ඔවුන් ඒ මගින් දිනා ගැනීමේ අවදානමක් තියනවා."

"ඇත්තටම එහෙම මානව හිමිකම් කඩවීමක් වෙනවද ? "

"හෙහ් හෙහ්... මානව හිමිකම් රැකගෙන කරන්න පුළුවන් හෝ කරපු යුද්දේ මොකක්ද පුතා !. යුද්දේ කියන වචනෙම ඒක අන්තරගත වෙලා තියනවා. ඒවා ඉතින් ලෝක බලවතුන් තම තමන්ට අවශ්‍යය විදිහට පරිහරණය කරනවා. කන්න ඕනා වුණාම කබරගොයාව තලගොයා කරගෙන කනවා. දුකට කාරණේ ලංකාවෙම මිනිස්සුත් ඒවට උල්පන්දම් දෙන එක තමා. "

"ඉතින් ඒකට මොකද වෙන්නේ කියලා ඔයාට කියන්න බැරිද ? "

"බෑ, ඒක මගේ දැනුමෙන් එහා තියන කාරණයක්."

ඒක වෙන්න ඇති මගේ ජීවිතේ විස්මිතම මිනිත්තු කිහිපය. ඒ වෙලාව අතරතුර මම නොකඩවාම පුදුමයට පත් වෙච්ච එක තමා වුණේ. අන්තිමට ඔහු මගෙන් සමුඅරගෙන වෙරළ දිගේ ඇවිදගෙන යන්න ගියා. ආයේ එන්නෙ කවදද කියලා ඇහුවම කියුවේ "කියන්න බෑ" කියල තමා. ඇත්තටම කවුද මේ මනුස්සයා ?

xxxxxxxx

ජීවිතයේ විවිධාකාරවූ හැලහැප්පීම් මැදින්, මා වැඩිහිටියකු බවට පත් කරමින් කාලය ගලා ගියේය. බිරිඳගේ අකාල මරණයත්, ඉන් ටික කළකට පසු සිදුවූ පියාගේ මරණයත් මා දරුණු කම්පනයකට ලක් කොට ජීවිත ආශාව නැති කෙරුවේ වුවද, ඔත්පලව සිටින මව රැකබලා ගැනීම උදෙසා මා හට ජීවත්වීමට සිදුවී තිබුණි. ඒ අපූර්ව පුද්ගලයා, අත්භූත අමුත්තා, ඉන්පසු කෙදිනකවත් මා හට මුණ නොගැසුණි. එහෙත් ඔහුගේ අනාවැකි එකින් එක සත්‍යවන විට මා සිතෙහි ඔහු කෙරෙහි වූ ගෞරවය දිනෙන් දින දළුලා වැඩුණි. එම අනාවැකි කිසිවකුත් සමඟ පැවසීමෙන් වළකින ලෙස ඔහු කීවද මා හට එම පොරොන්දුව ඉටු කිරීමට නොහැකීවීමේ ප්‍රතිඵලයක් ලෙසින් මා විහිළුවට ලක්වූ වාරයන් අනන්ත වුවද ඒවා එලෙසින්ම ඉටු වූ විට මා හට හිනාවූ පුද්ගලයින් මා දෙස අමුතු සතෙකු දෙස බැලූ බවත් මතකය. එහෙත් සැවොම මෙන් ඒවා "කණා ෂොට්" ලෙසට සැලකූ බවට සැකයක් නොමැත.

අධ්‍යාපනයෙන් ඉහළටම ගිය මගේ අතිජාත මිත්‍රයා, අසංක, යුරෝපයේ පිළිගත් පර්යේෂණායතන කිහිපයකම භෞතික විද්‍යාඥයෙකු ලෙස සේවය කිරීමෙන් පසු ලංකාවට නැවත පැමිණියේ ලොකු සැලැස්මක්ද සහිතවය. ඔහුගේ නවතම පර්යේෂණයට සහායකයකු ලෙස එක්වීමට කළ ඉල්ලීම මා විසින් ඉවත දැමුයේ රෝගී මවගේ උවටැන් කිරීමට එයින් සිදුවන අවහිරය නිසාවෙනි. කෙසේ වෙතත් අවසන මවගේ අභාවයත් සමඟින් මෙලොවෙහි හුදකලා වූ මා ඔහුගේ ඉල්ලීම සලකා බලා ඔහු හා එක්විය. මුලු ලොවම මවිත කළ හැකි වූ එම නිර්මාණයෙහි සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවූයේ අසංකගේ නොපසුබස්නා උත්සහාය නිසාම බව මාගේ විශ්වාසයයි. ඔහු මේ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසුනි. අසංක මාගෙන් බලාපොරොත්තු වූයේ විශ්වාසදායක මිතුරෙකු ලෙස ප්‍රථම අත්හදාබැලීම උදෙසා සහභාගී වීමයි. එය ජීවිතය පිළිබඳ අතිශය තීරණාත්මක කරුණකි. සියල්ල යහතින් සැලසුම් කළ පරිදිම සිදු වුවහොත් යහපත්ය. නැතහොත් ප්‍රතිඵලය විනාශකාරීය. ක්ෂීරපත මංදාකිනියෙන් පිටතට ගොස් නැවත පැමිණෙන අභ්‍යාවකාශ පර්යේෂණයකට සහභාගී වන විට ඇති අවදානම කොතෙක්ද, මෙහි ඇති අවදානම එයින් බිඳුවක් හෝ අඩු නැත. එහෙත්, ඒවන විට මෙලොවෙහි හුදකාලාවී සිටි මා හට එවැනි තීරණයක් ගැනීම සඳහා බාධාවක් නොවුණි.

xxx

ගමනාන්තට පැමිණි මා මුලින්ම සිදු කෙරුවේ කිසිවකු හෝ මාගේ පැමිණීම නිරීක්ෂණය කළේදැයි පරික්ෂාකර බැලීමයි. කිසිවකුගේ හෝ විශේෂ අවධානයකට මා ලක්වී නොතිබුණි. මා පැමිණ තිබුණේ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපසටය. එය ඉදිරිපසවූ ඕවලාකර ගල් බැම්මෙහි අසුන් ගෙන ඉදිරියෙන්වූ බුදු පිළිමය දෙස නෙත්යොමාගෙන සිටි වයස දහසයක් තරම් වූ ළමයකු දුටු මට එම අවස්ථාවෙහි යම් හුරු බවක් දැනුණි. මින් පෙර මේ හා සමාන සිද්ධියක් සිදුවී ඇති බව තදින්ම දැනෙන්නට විය. මදක් සිත යොමු වීමේදී ඒ අපූර්ව අතීත සිද්ධිය ඒක්ෂණයෙන් මාගේ සිහියට නැගුණි.

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." ඔහුගේ වදන් මා සිතෙහි නින්නාද විය.

"දෙවියනේ, මේක වෙන්න පුළුවන් දෙයක්ද ? මේ ගැන නිකමට හරි මීට කලින් මට නොහිතුණේ කොහොමද? "මම මාගෙන්ම අසාගතිමි. මින් බොහෝ කලකට පෙර මා හමුවට පැමිණි ඒ අත්භූත අමුත්තා කවුරුන්දැයි වටහා ගැනීමට මේ මොහොත දක්වාම මාහට නොහැකි වීම එක අතකින් විශ්මයජනකය. අනෙක් අතින් එහි එතරම පුදුමයක්ද නොමැත. මන්දයත් අප කිසිවකුටත් එවැනි අනුමානයක් සිදු කළ නොහැකි හෝ එවැනි දෙයක් විය හැකියැයි අනුමාන නොකරන බැවිනි. එහෙත් මේ සමබන්ධයෙන් මා අසංකට සහය දක්වන වේලේ අප කෙතරම් මෙවැනි දෑ ගන සාකච්ඡා කරන්නට ඇතිද ? ඒ එකඳු අවස්ථාවකවත් මේ අත්භූත පුද්ගලයා කවුරුන්දැයි තේරුම් ගැනීමට නොහැකි වීම ඇත්තෙන්ම විශ්මයජනකය. සමහර විට ඒවන ඔහු මාගේ මතකයෙන් බොහෝදුරට ගිලිහී සිටීම නිසා වන්නත් පුළුවන. මම මෙලොවෙහි ඉතාම කලාතුරකින් සිදුවිය හැකි අති විශ්මයජනක සිදුවීමක පංගුකාරයෙකු වෙමින් සිටියෙමි.

ඔහුට නොදැනෙන ලෙස ඔහු අසලට ගිය මම ඒ අසලින්ම අසුන් ගෙන මවිතයෙන් ඔහු දෙස බලාසිටින්නට වීමි. සිදුවෙමින් පවතින දේ තවමත් නිසි අයුරින් ග්‍රහණය කරගැනීමට මම වෙර දරමින් සිටියෙමි. මෙය මෙලොවෙහි කිසිඳු මිනිසකු මින් පෙර නොවිඳි අත්දැකීමක් බව මට ඉඳුරා කිවත හැකිය. බුදු පිළිමෙ දෙස අවධානය යොමාගෙන සිටි ඔහු එකවරම හැරී මා දෙස බැලුවෙ මාගේ පැමිණීම ඔහුට සංවේදනය වූ නිසා විය යුතුය. මා ඔහු හා සිනාසුණ බැවින් ඔහුද පෙරළා සිනාවකින් සංග්‍රහ කළේය.

"මොකද බුදු පිළිමෙ දිහා බලාගෙන කරන්නේ ? ගිහි ගෙය අතාරින්නද කල්පනාව ?" මම ඔහුගෙන් ඇහුවේ සිනා සෙමින්. එහෙත් ඔහු යාන්තමින් සිනාසුණා හැර පිළිතුරක් නොදුන්නේය.

"පුතා සමන්ත නේද ?"

"ඔයා කොහොමද දන්නේ? ඔයා කවුද?" මෙයින් ඔහු පුදුමයට පත් වෙනු මා නිරීක්ෂණය කළෙමි.

"මම දන්නවා, ඒත් ඒ කොහොමද කියලා අහන්න එපා."

"අසංක එනකම් නේද ඉන්නේ ? පාඩම් කරන්න යන්න !" මේ ප්‍රශ්නෙන් ඔහු පුදුමයෙන් පුදුමයටම පත්වුණා කියුවොත් නිවැරදියි. ඔහුට ජනිතවෙන සිතුවිලි පිළිබඳ අවබෝධයක් තිබූ බැවින් මාගේ මුවගට සිනාවක් නැගුණේ නිතැතිනි.

"ඔයා කවුද ? කොහොමද මාව දන්නේ ?"

"මම කවුද කියලා පුතා දවසක දැන ගනියි."

-- නිමි --

රූප රහිත අවවාදයයි : ප්රස්තුත සංසිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම සිත වෙහෙසීම මගින් මොළයෙහි පරිපථ බිඳවැටීමකට ලක් විය හැකිය. :D

ලියුවේ;

~~සෙන්නා / 12.03.2014

සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3368399410311614148.post-82006807638581311912013-12-26T06:33:00.003+05:302013-12-26T06:33:45.046+05:30බයිසි මොටෝ එක...

2013 වෙසක් මස 11වනදා

අසූව දශකයේ මුල ඇතිවූ ඒ දීපව්‍යාප්ත වැඩවර්ජන රැල්ල, තාත්තාගේත්, අම්මාගෙත් රැකියාවන් අහිමි කොට දමා තිබීම නිසා දරිද්‍රතාවය ඉදිරි දොරටුවට තට්ටු දමමින් තිබුණි. වසරකට ආසන්න අති දුෂ්කර කාලයකට පසු තාත්තාට රැකියාවක් ලැබුණද, එය දරු පස් දෙනෙකුගෙන් යුතු පවුලක කුදු මහත් කටයුතු වෙනුවෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවුණේය. කොරේ පිටට මරේ යැයි කියමින්, තාත්තාගේ මතට ඇබ්බැහිවීම තත්ත්වය තව තවත් නරක අතට හරවන බව ඔහුට හැර අන් සියලු දෙනාටම වැටහුණු කාරණයකි. ඔහු පියවි සිහියෙන් සිටින විට, නන්දා මාලිණියගේ "බුදු තාත්තෙ බොන්න එපා" ගීතය ඔහුට ඇසෙන්නට වාදනය කිරීමේ සිට බීමට ගෙනවිත් සඟවා තිබූ මත් පැන් රහසින් විසි කරදැමීම දක්වාවූ නා නා ප්‍රකාර ක්රමෝපායන් අත්හදා බැලුවද, ඒ එකක්වත් සාර්ථක නොවුණි. ඒවායින් ලද එකම ප්‍රතිඵලය ඔහු ප්‍රකෝප වීම පමණය. අවසානයේදී, පවුලේ සාමය වෙනුවෙන්, වෙන දෙයක් වෙද්දෙන් යැයි සිතා ඔහුට රිස්සක් කරගැනීමට හරිනවා මිස වෙන විකල්පයක් ඉතිරිව නොතිබුණි.

අති බහුතර ලාංකීය කුටුම්බයන් සංඛ්‍යාවක් වෙතින් දික්කසාදය නම්වූ ඒ අමිහිරි අත්දැකීම ඉවත් කොට තැබීමට නිහඬ එහෙත් අති විශාල සේවයක් කළ ඒ අපූර්ව ආප්තෝපදේශය වූ "බැඳගත්තු බෙරේ ගහන්න එපැයි" යන්නට තවත් එක් නිදර්ශනයක් එකතු කරමින්, කඩා වැටෙමින් පැවති පවුලේ ආර්ථිකයේ සැලකිය යුතු බරක් සිය කර මතට ගැනීමට ධෛර්යවන්ත කාන්තාවක් වූ අම්මා ඉදිරිපත් වූවාය. කුඩා කළ සිටම දරිද්‍රතාවයේ විවිධ හැලහැප්පීම් තුළින් ලද පන්නරය මෙයට මුල් වූවා නිසැකය.

කුකුළාටත් පෙර අවදිව, කුස්සියේ ලිප ළඟ ගිනි රස්නයට දැවෙමින්, දෑත් රිදුම් දෙනතුරු ඉඳි ආප්ප මිරිකා හෝටලයකට හා අසල්වැසි නිවෙස් වලට විකිණීම වැටෙමින් පැවති ආර්ථිකය නගා සිටුවීමට ඇය ගත් එක පියවරකි. එපමණකින් නොනැවතී, ගල්ලැහැ පන් උපයෝගී කරගෙන වියනු ලබන, අප විසින් "පන් කාපර්ට්" යැයි හැඳිවූ බුමුතුරුණු විශේෂය විවීමද දිවා කාලයේ ඇය අතින් සිදු කෙරුණාය. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ආයතනයකට අනුබද්ධව ඔවුන්ගෙන් ලද ඇණවුම් මත මෙම කාර්යය සිදු වූ අතර ප්‍රධානම ගැණුම් කරුවා "ලක්සල" යි. මෙය කුඩා අපටද අමතර ආදායමක් උපයාගත හැකි කාර්යයක් විය. බුමුතුරුණු විවීම උදෙසා මුලින්ම ගල්ලැහැ පන් උපයෝගී කොටගෙන, කාන්තාවන් කොණ්ඩා ගොතන ආකාරයෙන් පටියක් ගොතා ගත යුතුය. අප විසින් මෙය "පටි ගෙතීම" යනුවෙන් හැඳින්වීමු. අම්මා කෙතෙක් ඇවිටිලි කළද සෙල්ලම් වයසේ සිටි අප හට එක තැනකට වී මෙම කාර්යයෙහි යෙදීම මරනවා වැනි විය. බැරිම තැන අම්මගෙන් ඒ සඳහා පොඩි උත්තේජනයක් ලැබුණි. ගොතනු ලබන සෑම පටි යාරයකටම ශත දහයක් ගෙවීමට ඇය පොරොන්දු වූවාය. මෙය, තත්ත්වයෙහි සැලකිය යුතු වෙනසක් ඇතිකරවීමට සමත් විය. එයින් පසු අප විසින් උනන්දුවෙන් පටි ගෙතීමටත්, ගොතන ලද පටි මැන පොතක සඳහන් කරගැනීමටත් පුරුදු වූවෙමු. ඇණවුමක් ලක්සලට දැමීමෙන් පසු ලැබෙන මුදලින් පොරොන්දු ප්‍රකාර අපගේ මුදල් ගෙවීමට අම්මා වගබලාගත්තාය. කාලීනව මතු වෙන එක් එක් අවශ්‍යතා වෙනුවෙන් මෙම මුදල් වැය කිරීම අපගේ සිරිත විය.

මෙයට අමතරව බිත්තර උදෙසා ඇති කරවනු ලැබූ කුකුළන් රංචුවක්ද වූහ.. බිත්තර විකිණීමෙන් ලැබෙන ආදායමද පවුලේ දියුණුව වෙනුවෙන්ම වැය කෙරිණි. අම්මාට සහයක් වෙමින් ලොකු අම්මාද කොහු ලණු කැරලි ගොතා කඩයට දැමීමෙන් යම් අදායමක් උපයා දීමට සමත්වූවාය.

මේ සියල්ල කළද, දරු පස්දෙනෙකුගේ අධ්‍යාපන, සෞඛ්‍යය වියදම් දරමින්, වැඩිවෙන ජීවන වියදමට මුහුණ දීම ඔවුනට අපහසු කාර්යක් වූහ.. තාත්තා සිය මුළු අදායමම ගෙදර වෙනුවෙන් වැය කළේනම් යම් තරමක සහනයක් ලැබිය හැකි වුවද, එසේ කළත් සම්පූර්ණ වශයෙන්ම වියදම් පියවා ගැනීමට හැකියාවක් නොතිබුණි. තාත්තාගේත්, අම්මාගේත් එකඟත්වයෙන් නිවසේ ඉදිරිපස කාමරය කුලියට දීම, නිවසේ ආදායම් වැඩි කරගැනීම උදෙසා ගනු ලැබූ අලුත්ම ක්‍රියාමාර්ගය විය. එයින් වසර පහක් හෝ හයකට පසුව සිදුවන ප්රස්තුත කතාවට පසුබිම සකසනුයේ මෙම තීරණයයි.

මුලින්ම කාමරය එක්තරා යුවලකට කුලියට දෙනු ලැබූ අතර ඔවුන් වැඩි කල් එහි නොරැදුනහ. එයින් පසුව එය, කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක සේවය කළ තරුණයක් දෙදෙනෙකුට වාසභවන විය. කුරුණෑගල සිට පැමිණි මොවුන් දෙදෙනා වැඩි කල් නොයවාම අප හා මිත්රාශීලී වූහ. ඔවුන් අතර වූ වයස් පරතරය නිසාම අප විසින් "ලොකු අංකල්" හා "පොඩි අංකල්" වශයෙන් හැඳින්වූ මොවුන් දෙදෙනා, ටික කලෙකින්ම අප නිවසේ සාමාජිකයන් වන තරමටම අප හා කුළුපග වූහ.

"ලොකු අංකල්" නැමැත්තා බොහෝ ඇසූ පිරූ, දැනුම් තේරුම් ඇති, පරිණත අයෙක් බව නිතැතින්ම විද්‍යාමාන විය. ඔහුගේ ඉංග්‍රීසි දැනුමද ඉතා හොඳ තත්ත්වයේ වූ අතර අප හට එය නොමිලේ බෙදා දීමට තරම් ඔහු නිර්ලෝභී වූවේය. "පොඩි අංකල්" නැමැත්තා මදක් විනෝදශීලී තාරුණ්‍යයේ පසුවූ අයෙකි.

යතුරු පැදි නොහොත් මෝටසයිකල් ! ඒ වනවිට අසූව දශකයේ අග භාගයේ දිවි සරමින්, ගැටවර වියට පිය මනිමින් සිටි අප හටද, සෑම පිරිමි ළමයෙකුට මෙන්ම මෙම රෝගය තදින්ම වැළඳී තිබුණි. යතුරු පැදියක් හිමි කරගැනීම හීනයක්ම බැවින් අඩුම තරමින් එකක් පැදීමේ ආශාවවත් සන්සිදුවා ගත යුතුය. තාත්තා සතු එකම වාහනය වූ, එකල අප විසින් "ෆොනෙක්ස්" ලෙසින් හැඳින්වූ "ෆීනික්ස්" බයිසිකලය, ඒ වන විට අප විසින් එපා වෙනතරමටම පැද තිබුණෙමු. පාපැදියක් පැදිය හැකි සියලුම ක්‍රම ඒ වනවිට අත්හදාබලා සුදුසුකම් සපුරා සිටියහ.

පැවති තත්ත්වය හමුවේ තාත්තාට යතුරු පැදියක් මිලදී ගන්නයැයි ඉල්ලා සිටිම හාස්‍යයට කරුණක් බව තේරෙන තරමට අප මෝරා සිටියෙමු. එබැවින් කෙදිනකවත් විහිළුවක් ලෙසවත් එවැනි ඉල්ලීමක් සිදු වූ බවට මතකයක් නොමැත.

මාගේ මෝටර් සයිකල් උමතුව තීවෘර වීමට බලපෑ තවත් ප්‍රධානම හේතුවක්නම් පන්තියේ මිතුරකු විසින් සිය පියා සතුවූ "සුපර්කබ්" රථයෙන් එහෙ මෙහෙ සැරි සැරීමය. නෙක නෙක සෙල්ලම් පෑමය. මට මෙන්ම අයියාටත් මෙවැනිම හේතුන් බලපෑ බවට නොඅනුමානය. හඳ ඉල්ලා හඬා වැටෙන පුංචි එවුන් එය ලබාගත නොහැකි බව අවබෝධවූ පසු, සිය ආශාව යටපත් කොටගෙන නිහඬ වන්නේ යම්සේද, අපගේ යතුරුපැදි ආශාවද සිත්වලටම පමණක් සීමා කොට සඟවා තබා ගෙන නිහඬ වන ලෙස දරිද්‍රතාවය විසින් සිය තර්ජනාංගුලිය විදහා අපට දන්වා සිටියේය. එහෙත් ඒ ආශාව යතුරුපැදි වල පින්තූර එකතු කිරීම වැනි අහිංසක ප්‍රයෝගයන්ගෙන් සපුරා ගැනීම වැළැක්වීමට දරිද්‍රතාවයද අසමත් වූවේය.

පොඩි අංකල් හදිසියේම මෙන් ගමේ යැමක් සිදුවන්නේ මෙවන් වාතාවරණයක් යටතේදීය. පසුදින සුදු පැහැති දුම් දමමින් පැමිණ හදිසියේම අපගේ නිවස ඉදිරිපිට නතරකළ යතුරු පැදියේ ධාවකයා කවුරුද යන්න දැනගැනීමට මොහොතක් බලා සිටීමට සිදුවූහ. ආරක්ෂිත හිස්වැස්ම ඉවත් කළ පසු ඒ පොඩි අංකල් බව හඳුනා ගත් සැණින්, අයියාත් මාත් එතනට දිවගියේ යන්ත්රානුසාරයෙනි. අපගේ උනන්දුව අපටද නොදැනුවත්ව අපගේ දෙපා ක්‍රියාත්මක කොට තිබුණි. යතුරුපැදිය වටා දෙතුන් විටක් කැරකී අප එය අතගා බලන තෙක්ද පොඩි අංකල් විසින් තවමත් එහිම වාඩිවී සිටියේය.

"කොහොමද ? හොඳයිද ? " ඔහු විසින් සිනාසී ඇසීය.

"කොහෙන්ද පොඩි අංකල් මේ ? ඔයාගෙද"

"නැතුව ඉතින් වෙන කාගෙවත් ඒවා අපට දෙනවයැ"

දැන් අපගේ සවන ඉන්ද්රිය යමක් අපට අවභෝධකරවමින් සිටී. දීර්ඝ කාලයක් සඟවා තබාගෙන සිටි ආශාවක් ඉෂ්ටකර ගැනීම මගක් පැදී එන බවට ඉවෙන් මෙන් අවභෝධවෙමින් තිබුණි.

"ඒ කියන්නෙ පොඩි අංකල් ඉස්සරහට වැඩට යන්නෙ මේකෙන්ද"

"හ්ම්ම්"

මම අයියා දෙසත්, ඔහු මා දෙසත් බැලුවේ නොසිතාමය. අපගේ හිත් ප්‍රීතියෙන් පුරවාලීමට ඔහුගේ උගුරෙන් නිකුත් වූ එම හඬට හැකි විය. පොඩි අංකල් යතුරුපැදියෙන් බැස ගිය පසුද අප ඒ වටා කරකැවෙමින්, එය අතාගාමින් සිටියේ එම ආශාව නිසාමය. එයින් නිකුත්වූ පැට්ට්‍රල් සුවඳ ඒ මොහොතේ මට මෙලොවෙහි වූ හොඳම සුවඳ විය. එහි ඇක්සිලේටරය කරකවා බැලීම, ගියර් ලිවර් එක පාගා ගියර් කඩා බැලීම, ස්විච් එහෙට මෙහෙට කොට බැලීම වැනි මූලික පරීක්ෂණයන් එයින් පසු සිදු කෙරිණි. යමහා මේට් ෆිෆ්ටි වර්ගයේ යතුරු පැදියක් වූ එය, ඉදිරියෙන් සුදු පැහැති ප්ලාස්ටික් ආවරණයකින් වැසී තිබුණු, ඉදිරිපසින් කකුල දමා ගොඩ විය හැකි, පෙට්ට්‍රල් ටැංකිය සීට් එක යට පිහිටා තිබූ වර්ගයේ එකකි. මාගේ මිතුරා සතුවූ සුපර්කබ් එකෙහි හා මෙහි වෙනසක් නොවූ තරම්ය. හොන්ඩා සුපර්කබ් එක පරයා යමහා මේට් ෆිෆ්ටිය ඉදිරියෙන් සිටින බව එම මොහොතේම මම නිගමනය කළෙමි. එය හුදෙක්ම, මුකුත්ම නැතිව තිබෙනවාට වඩා ලැබී තිබෙන දේ අගය කළ යුතු නිසාම මිසක, එම යතුරු පැදි දෙක පිළිබඳ කළ විධිමත් සංසන්දනයකින් පසු කළ නිගමනයක් නොවුණේය. ඇත්තෙන්ම එය අලුත්ම සතුරු පැදියක්ද නොවුණි. එහෙත් අපට බලපෑමක් කිරීමට එම සාධකයට කිසිඳු හැකියාවක් නොතිබුණි.

"ඕකෙ ඇක්සිලේටරේ නිකන් කරකවන්න එපා පුතාලා, කාබලේටරේට තෙල් යනවා " යි පොඩි අංකල් ජනේලයෙන් ඔළුව දමා කෑ ගැසුවේ අපගේ මෙම පරීක්ෂණය අතරතුරය.

දැන් මාගේ එකම අභිලාෂය වූයේ මෙය වටයක් පැද බැලීමයි. අයියාත් එයම අදහස් කළ බවට මොනවද කැට ! එහෙත් පොඩි අංකල් විසින් කවදා අපට මෙය පදින්න දේවිද යන්න ගැටළුවක්ම විය. මේ උණුසුමේම එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට තරම් අප අඥානද නොවූවෙමු. තව ටිකක් ඉවසීමට එකි නෙකා කතිකා නොකරම අප විසින් එකඟ වූ සෙයකි.

එයින් පසු කාලය දින සති වශයෙන් ගෙවී ගියේය. කල් යල් බලා යතුරු පැදිය පැදීමට පොඩි අංකල් වෙත කෙරුණු ඉල්ලීම් කිහිපයක්ද බාලගිරි දෝශයට හසුව පසු පසට තල්ලුවී ගිහහ. එහෙත්, යතුරු පැදිය පිස දැමීම, රාත්‍රියට ගෙට ගැනීම හා උදෑසනට එළියට දැමීම වැනි කටයුතු අයියාගේත්, මගේත් දායකත්වයෙන් නොකඩවා සිදු කෙරුණේ කවදා හෝ අවස්ථාවක් ලැබේයැයි යන බලාපොරොත්තුවේ බීජය සිත්හී දරාගෙනය. පොඩි අංකල් විසින් දිනපතාම වැඩට යාමට ලක ලෑස්තී වී පැමිණෙන විට යතුරු පැදිය සූදානම්ව මිදුලේ නතරව තිබුණේ එහි ආනුභාවයෙනි.

නිරන්තර ඇවිටිලි ගෑමෙහි ප්‍රතිඵලයක් ලෙස එක් ඉරිදා දිනක පොඩි අංකල් විසින් යතුරු පැදිය පැද්දවීමට එකඟ වූවේය. ඔහු විසින් පසු පස අසුනේ වාඩි වී අප හට මාරුවෙන් මාරුවට යතුරු පදිය පැදගෙන යාමට ඉඩ ලබා දුන්නේය. පාපැදිය පැදීමෙහි වූ පුරුද්ද නිසාම මෙය කෙළින් රැගෙන යාමේ කලාව හසු කර ගැනීමට අපට මහ වේලාවක් ගත නොවුණි. මෙම අනර්ඝ අවස්ථාව ඉතා කෙටි කාලයකට සීමා කෙරුණේ තෙල් අවසන් වෙමින් පවතින බව පොඩි අංකල් විසින් දැනුම් දීම නිසාය. "පස්සෙ දවසක ආයෙ බැරියෑ" යි යන්නෙන් නැවතත් දවසක මෙලෙසින්ම පද්දවන බවට පොරොන්දුවක්ද ලැබුණි.

මිදුලෙහි යතුරු පැදිය නතර කෙරුණු පසු පොඩි අංකල් විසින් යතුරද රැගෙන ඉවත් විය. එහෙත් අප දෙදෙනා තවමත් යතුරුපැදිය අසල දැවටෙමින් සිටියේ අසංතෘප්ත ආශාවෙන්ය. අයියා තවමත් යතුරු පැදිය මත නැග සිටියේ එයින් බැසීමට අකමැති බවක් දක්වමිනි.

"ලොකු මල්ලී ඔයා ටිකක් තල්ලු කරනවද ? " යි එක වරම ඔහු මගෙන් ඇසීය. දෙවරක් නොසිතාම මමද ඔහු කී ලෙස කළෙමි. මා විසින් තල්ලු කරණ විට ඔහු යතුරු පැදිය තුලනය කරගනිමින් ඉදිරියට මෙහෙයවීය. අප විසින් ගේ ඉදිරිපස සුළු ඉඩෙහි ටික වේලාවක් තල්ලු කිරීමෙන් අනතුරුව ඉදිරි පස වැලි පාරට ප්‍රවිෂ්ට වූවෙමු. එවිටම වාගේ පොඩි අංකල්ගෙන් නිකුත් වූ "බලාගෙන.. පෙරළන්න එහෙම එපා" යි යන විධානය එම ක්‍රියාවට ඔහු අකමැති නොමැති බව අප හට දැනුම් දුන්නේය. මෙලෙස ඉඩදීමෙන්, අපගේ කන්කරච්චලයෙන් මිදී, ඔහුගේ සාක්කුවට හා යතුරු පැදිය යන දෙකටම අඩුම අවාසියක් වන අයුරින් ගැටලුව මගහැර යා හැකියයි ඔහු සිතුවා වන්නට ඇත.

සුපුරුදු පරිදි අලුයම දෙකට පමණ අම්මා විසින් කූද්දනු ලැබීමෙන් එදිනද මම අවදි වුණෙමි. ඒ වන විටත් අයියා පාඩම් කරමින් සිටියේය. පැදුරෙන් නැගිට දැසින්ම නිදි ගැට කඩමින් අම්මා පස්සේ වැටෙමින් කුස්සියට ගමන් කොට කුස්සියෙහි වූ වේවැල් කැඩී ගිය පුටුවට බර වුණෙමි. අම්මා විසින් ලහි ලහියේ ලිප ගිනි මොලවා, කේතලය ලිප තබා, ඉඳි ආප්ප තැම්බීමට අවැසි කටයුතු සම්පාදනය කරන විටත් මා පුටුව මතට වී, පුටුවෙහි ඉදිරි පස අඬු දෙක හරහට ඉහළින් සවි කර තිබූ ලීය මත කකුල් දෙක තබා ගැනීම නිසා උඩට එසවෙන දණිස් දෙක අතර නිකට රුවාගෙන, අත්දෙක කකුල් වටා යවා දණහිසට පහලින් බැදගෙන තව මොහොතක් හෝ වකුටු වී නිදා ගැනීමට උත්සහ කරමින් සිටියෙමි. මා මෙසේ සිටින විට කොහේදෝ සිට එන කිටියාද මා සහ පුටු ඇන්ද අතර වූ හිස් ඉඩට ගුලි වනුයේ උණුසුමක් සොයමින් විය යුතුය. මමද උගේ උණුසුමට ප්‍රිය කළ බැවින් ඌට සිත්සේ සිටීමට ඉඩ හරිමි. මෙය සෑමදාම සිදුවන නිශ්චිතව පෙලගැස්වූ දෛනික ක්‍රියාකාරමකින් කොටසකි.

අම්මා විසින් සාදා දෙන තේ එක පානය කරන තෙක් නිදි කිරමින් සිටින මම, එයින් පසු ටිකෙන් ටික ක්‍රියාශීලී වීම අරඹමි. මින් පෙර අම්මාට සහය දීමේ වගකීමට උරදී සිටියේ අයියා වුවද, ඔහු විසින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාඩම් කිරීම ඇරබීමත් සමඟම එම වගකීම මා වෙතට පැවරුණි. රාත්‍රී එක දෙක පමණ වන තුරු පාඩම් කරණ අයියා සාමාන්‍යයෙන් නින්දට වන්නේ අප අවදිවූ පසුවය.

අලුයම පවතින මෙම ගැඹුරු නිහඬතාවයට මම කවදත් අතිශය ප්‍රිය කළෙමි. තේ එක බීමෙන් පසුවද දණහිස් තුළ නිකට රුවා මා එළියෙන් එන ශබ්ද වලට සවන් දෙමින් ඒවා හඳුනා ගැනීමට උත්සහ දැරුවෙමි. එවිට, වවුලෙකුගේ තටු සලා ඉගිල යෑමක්, බල්ලකු කන්පට ගැසීමක්, ඇතින් ඇසෙන කුකුළකුගේ හැඬලීමක් ආදී වශයෙන් පැහැදිලිව හඳුනාගත හැකි හඬවල් කිහිපයක් පමණක් ශ්‍රවණය කළ හැකිවේ. බෝධිසත්වයා ප්රමුඛ අපගේ කුකුළු නඩයද තවමත් සැප නින්දේය. අප උන්ටත් කලින් අවදිව සිටියෙමු.

ඉඳි ආප්ප සඳහා පොල් ගෙඩි හතරක පොල් ගා, සම්බෝල සෑදීම මාගේ මෙම අවදි වීමේ මුඛ්‍ය පරමාර්ථයයි. ඒ සඳහා මා විසින් කලින් දින පොල් ගෙඩි හතරක් ලෙලි ගසා, කටුව පැදෙන තරමට පිහියකින් සූරා සූදානම් කොට තැබීම සුපුරුදු චර්යාවයි. පොල්ගෙඩි හතරක් ගා සම්බෝල සාදා අවසන් කිරීමට පැය දෙකකට ආසන්න කාලයක් ගතවේ. එයින් පසු කළ යුතු විශේෂ කාර්යයක් නොවුණෙන් පොතක පතක වැඩක් කර ගැනීමට මම ඉතිරි කාලය ගත කරමි. මේ, එසමයෙහි අපගේ දිනය ඇරඹුණු සාමාන්‍ය පිළිවෙතයි.

"ලොකු මල්ලී පොඩ්ඩක් එන්නකො" උදෑසනම නැවත අවදිවී සිටි අයියා, සාලයේ සිට බෙරිහන් දෙන විට මා කුමක්දෝ සටහනක් ලියමින් සිටියෙමි. මා සාලයට යන විටත් ඔහු පොඩි අංකල්ගේ යතුරු පැදියට ගොඩවී ප්‍රධාන රඳවනය නිදහස් කරගැනීමට යතුරු පැදිය ඉස්සරහට පද්දවමින් සිටියේය. ඔහු අදහස් කළ දේ ඉවෙන් මෙන් හඳුනා ගත් මා, වහා ඉදිරිපත් වී ඔහුට සහය දීමෙන් යතුරු පැදිය ප්‍රධාන රඳවනයෙන් නිදහස් කොටගෙන සම්පූර්ණ බරම එහි රෝද මතට හා, අයියාගේ දෙපා මතට ගැනීමට සමත් වූවෙමි.. ඉන්පසු නිවසෙහි ඉදිරිපස දොරටුව විවෘත්ත කොටගෙන යතුරු පැදිය මිදුලට ගන්නා විට කළුවරවත් පහවී නොතිබුණි.

එයින් පසු අප විසින් සැලකිය යුතු වේලාවක් එකිනෙකා මාරුවෙන් තල්ලු දමමින් යතුරු පැදිය පදින ලද්දෙමු. එයට පැදීමක් යැයි කිව හැකිදැයි නොතේරෙන නමුදු, කෙසේ වෙතත් තුලිතව යතුරු පැදියක් ඉදිරියට ගෙන යාමට අප තුළ වූ ආශාව යම් පමණකින් හෝ සංතෘප්ත කොට ගැනීමට මෙය ඉවහල් විය. එදින මෙම ක්‍රියාව නිවස ඉදිරි පස වූ මීටර් පනහක් පමණ වූ වැලි පාරෙහි ඔබ මොබ සැරි සැරීමකට පමණක් සීමා විය.

දෙවෙනි දවසේදී තවත් පියවරක් ඉදිරියට තබමින්, නිවස ඉදිරිපස වූ වැලිපාරෙන් වමට හැරී තාර පාර වෙත ගමන් කරනා වැලිපාරෙහිද යතුරු පැදිය තල්ලු කරමින් ඉහළ පහළ ගමන් කළෙමු. තෙවෙනි සිව්වෙනි ආදී වශයෙන් ඉදිරියට පැමිණි දිනයන්හීදී ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගමන් කොට, තාර පාරෙහිද සැලකිය යුතු දුරක් ගමන් කළෙමු. එයින් පසු මෙය, පාරෙහි ගමන් කරනා අප අසල් වැසියනට අතිශය සාමාන්‍යය දසුනක් වෙන තරමටම අප විසින් දෛනිකව සිදු කරණ ලද කටයුත්තක් බවට පත් විය. ආශාව කෙතරම්ද යත් අප හට එය අප්‍රිය වන ලකුණකුදු දක්නට නොවුණි.

ඔය අතර වාරයන්හීදී අප විසින් යතුරු පැදිය පණගන්වා ගැනීම උදෙසා දන්නා සියලු උත්සහයන් දැරූවද අපගේ බලාපොරොත්තු කඩවෙමින් ඒ එකක්වත් සාර්ථක නොවුනි. තල්ලු කරමින් යනවිට ගියර් එකකට දැමීමෙන් යතුරු පැදිය පණ ගැනීමට උත්සහ දරණ බව අප විසින් සිදු කරණ ලද අනර්ඝ සොයා ගැනීමක් විය. එහෙත්, යතුරු පැදියක් පණ ගන්නා මුල්ම අවස්ථාවේදී ඇතිවෙන ශබ්ධය පමණක් ඇතිවී ඒ සමඟම බුසු බුසු හඬක් නගමින් මලානිකව වියැකී යන්නේ එම ශබ්ධයට සමගාමිව උච්චාවචනය වන අපගේ බලාපොරොත්තුද සමගිනි. කික් කිරීම මගින්ද පණ ගන්වා ගැනීමට උත්සහා දැරුවේ මෙලොව පවතින, කිසිසේත්ම සිදු නොවෙතැයි අප විශ්වාස කරණා දෑ හදිසියේම සිදුවීම යන සංසිධිය මතවූ අල්ප බලාපොරොත්තුවකින් මිස යතුර නැතිව කික් කිරීම නිශ්ප්රයෝජන දෙයක් බව නොදැන නොවේ.

කටයුතු මෙසේ සිදුවෙමින් පවතින විට, දිනක් සවස අයියා විසින් මාහට පෙන්වූයේ සතුට, බලාපොරොත්තුව ඉහල නංවන දෙයකි.

"මෝටර් බයික් යතුරක් නේද ? කොහෙන්ද ?"

"මට යාළුවෙක් දුන්නෙ, අපි බලමු මේකෙන්" ඒ අයියාගේ යෝජනාවයි.

"හරි යයිද ? " යි මා ඇසුවේ ආවේනික යතුරකින් මිස සෑම එකකින්ම පණ ගැන්විය නොහැකි බව මා දැන සිටි නිසා වෙමි.

"බලමු, මිනිහානම් කිව්වෙ යතුරු පරණ වුනාම ඕන එකකින් ස්ටාර්ට් කරන්න පුළුවන් කියලා. අනික, මේකත් මේට් ෆිෆ්ටියකම එකක්."

එම සතර කන් මන්ත්‍රනයෙන් පසු හෙට නම්වූ දවස උදාවෙන තෙක් මා සිටියේ නොයිවසිල්ලෙනි. එදින රාත්‍රියේ මා හට හරිහමන් නින්දක් නොවූ අතර අළුයම අම්මා අවදි කිරීමටත් පෙර මා නැගී සිටියෙමි.. වෙනදා උදෑසනට අවදි වූ විට පවතින අපහසුතා කිසිවක් එදින නොවුනි. පුටුව මත වකුටු වී විදින අලස සුවය විදීමට එදින මා හට ඉස්පාසුවක් හෝ උවමනාවක් නොතිබුනි. කිටියාටද එදා උණුසුම් වීමට නොලැබුනි. එදින වවුලන් පියබා ගිය බවක්, බල්ලන් කන්පට ගැසූ බවක් හෝ කුකුළන් ඈතින් හැඬලූ බවක් මා හට මතක නැත . තේ එක පානය කිරීමටත් පෙර පොල් ගෙඩි ටික බිඳ, ගෑමට පටන් ගත්තෙමි. උනන්දුව විසින් ඇති කළ ජවය හිරමනය කරකැවීම වේගවත් කළ අතර එය සවිකර තිබූ මේසය, එය මත වූ බඩුත් සමඟම දඩ දඩ ගා සෙලවෙන්නට ගත්තේ භූමිකම්පාවක් සිහි ගන්වමිනි.

"මොකද ඔය හදිස්සිය ?" යි අම්මා ඇසුවේ ඇයද මාගේ වෙනස නිරීක්ශණය කළ බැවිනි.

මාගේ උනන්දුව ඔරලෝසුවට නැති සෙයකි. එය සුපුරුදු රිද්මයෙන්ම කිසිඳු හදිසියකින් තොරව කැරකෙමින් තිබුනි. එබැවින්ම මාගේ කාර්යය නිමා කිරිමෙන් පසු තවත් හෝරා කිහිපයක් නොයිවසිල්ලෙන් බලා සිටීමට සිදු වූවෙමි. එදින පොතක පතක වැඩක් කිරීමටද හිතේ නිස්කලංකයක් නොවුනි.

ගොලුබෙල්ලෙක් මෙන් ගමන් කළ ඔරලෝසුව අවසානයේදී අදාල ස්ථානයට ලඟාවිය. අයියාත් මා මෙන්ම සුදානම්ව සිටි බැවින් වෙනදාටත් කලින්ම අප විසින් යතුරු පැදිය එළියට අර ගත්තෙමු. තාර පාරෙහිද සැලකිය යුතු දුරක් ගෙවෙන තෙක් එය තල්ලු කරගෙන පැමිණියේ යම් හෙයකින් එය පණ ගතහොත් ශබ්ධය ඇසීම වැලැක්වීමටය. ඉන්පසු යතුරු පැදිය නතර කොට සිය සාක්කුවෙන් යතුර ගත් අයියා එය යතුරු සිදුරට ඇතුලු කර දකුණට කරකැවීය. දකුණු පස වූ හතරැස් කොළපාට බල්බය දීප්තිමතව දැල්වූයේ අපගේ සිත් සතුටින් පුරවාලමිනි. එම මොහොතේ ඇති කරවනු ලැබූ ඒ සතුට මිශ්‍ර හැඟීම, අදටත් යතුරු පැදියක යතුර දමා කොළ පාට බල්බය දැල්වීමේදි මා අත්විදිනු ලබමි. එම මොහොත සිහි කරවනු ලබයි. අප දෙදෙනා උඩ නොපැන්නා පමණයි. සතුටෙහි කෙලවරක් නොමැත. දැන් ඉතින් කළ යුත්තේ මේ නෙලා ගත් ඵලය භුක්ති විඳීමය. එය වංචාවක් බවත්, නොකළ යුතු දෙයක් බවත් අවභෝධ වුවද ආශාව විසින් ඒ සියල්ල යටපත් කොට දමා තිබුනි.

"පොඩ්ඩක් ඉන්න තෙල් තියනවද දන්නෑ" යි කියමින් ඉදිරි අසුන ඔසවා පියන විවෘත්ත කළ අයියා ඉන්ධන තත්ත්වය පරික්ශා කොට බැලීය. එය සතුටුදායක මට්ටමක විය.

ඉන් අනතුරුව යතුරු පැදියට නැගි අයියා විසින් කික් පැඩලය පෑගීමෙන් එය පණ ගැන්වීය. ඇන්ජිමෙන් නැගුනු හඬ අපගේ සතුට දෙගුණ තෙගුණ කළේය.

එදින අප විසින් සිත්සේ යතුරු පදිය ධාවනය කළෙමු. නමුත් වෙනදාටත් කලින්ම එය නැවත රැගෙන ඒමට අප සැළකිලිමත් වූවෙමු.. මේ ලද අවස්ථාව හසු නොවන සේ භාවිතා කිරීමට අප දෙදෙනාම කතිකා කරගත්තෙමු. ඒ අනුව සෑමදාම එය නොපැදීමට තීරණය වූ අතර වෙනදාට වඩා කලින් එය පැදීමට අප විසින් සැළසුම් සකස් කෙරුවේ, පොඩි අංකල් වැඩට යන වේලාව වන විට ඇන්ජිම නිවී තිබිය යුතු බැවිනි. ඔහුගේ කකුලට රස්නය දැනේවියැයි බියක් අප හට තිබුනෙමු.

එදින පොඩි අංකල් වැඩට පිටත් වන ආකාරය දෙස අප දෙදෙනාම හොරෙන් නිරීක්ශණය කෙරුණේ ලබ් ඩබ් ලබ් ඩබ් අනුකරනයෙන් ස්පන්දනය වෙන වේගවත් හදවත්ද සහිතවය. වෙනදා මෙන්ම යතුරු පැදියට නැගි ඔහු, යතුර දමා කරකවා, කකුලෙන් කික් පැඩලය දකුණට හරවා යතුරු පැදිය පණ ගැන්වීය. සුපුරුදු ලෙසම එය කෑගසමින් අවදි වී අපගේ හදවත් වලට සමානුපාතිකව ගැහීමට පටන් ගත්තේය. ඉන්පසු පැති කණ්නාඩි සකස් කළ පොඩි අංකල් විසින් වම් කකුලෙන් ගියරකට දමා බෲම් ගා ඉගිලී ගියේ අපගේ හිත් සැහැල්ලුවකින් පුරවාලමිනි.

කාලය සෙමින් ගලා ගියේය. අප විසින් උපක්‍රමශීලී ලෙස පොඩි අංකල්ගේ යතුරු පැදිය භාවිතා කරමින් සිටියෙමු. පටි ගොතා එකතු කරගත් මුදල් වලින් ඉඳ හිට පෙට්‍රල් ගැසීමට තරම්ද අප කල්පනාව දුර දිග මෙහෙය වූවෙමු. ඒ මන්ද යත් අප ගැන පොඩි අංකල්ට ගතු කිව හැකි එක් ඔත්තු කරුවෙක්නම් ඉන්ධන ටැංකියයි. එමනිසා ඔහුට සන්තෝශම් දී සතුටින් තැබීමට අප වගබලා ගත්තෙමු. මෙතක් මෙම ක්‍රියාව හසු නොවීම පිළිබඳව විටෙක අපම මවිතයට පත්වීමු. "මේ මනුස්සයට මේක නොතේරෙනවාද, නැත්නම් තේරී ඒ බව නොහඟවා ඉන්නවාද " යන ගැටලුවත් අප දෙදෙනාටම වූවේය. ඒ මහාර්ඝ වස්තුව වූ "යතුර" වැඩි පරිස්සමට නිතරම අප සන්තකයේ තබා ගැනීමට වගබලා ගත්තෙමු. එවකට මා සතුවූ ගාංචුවක් සහිත නිල් පැහැති කොට කලිසමෙහි, මෙම යතුර නිතරම මා විසින් එල්ලාගෙන සිටියෙමි. එක් ඉරිදා දිනෙක මෙය නිරීක්ශණය කළ පොඩි අංකල් විසින් සියල්ලන් ඉදිරියේදී " ආ ආ දැන් යතුරු එල්ලගනමයි ඉන්නෙ නේද" යි ඇසුවේ සිනාසෙන ගමන්ය. ඔහු විසින් යමක් අවභෝධ කොටගෙන සිටින බවක් ඇඟවීදැයි සැකයක්ද අපට මතු වූහ. කෙසේ වෙතත් ඒ සම්බන්දයෙන් අයියාගේ දෝශාරෝපණයට ලක්වීමට මට සිදු විය.

"මම තමුසෙට කිව්වනෙ ඕක ඔහොම පේන්න එල්ලන් ඉන්න එපා කියලා, බලනවා දැන් පොඩි අංකල් මොනවා හරි හිතුවද දන්නෑ."

වැඩි පරිස්සම උදෙසා එයින් පසු අප යතුරු පැදිය භාවිතය ටික කලෙකට තවත් සීමා කළෙමු. දැන් දැන් ඒ සඳහා වූ ආශාවද හීන වෙමින් පැවතුනි.

වංචාවට, බොරුවට කෙටි කලක් පමණක් රජකම් කළ හැකි බව නැවතත් පසක් කරමින් අවසානයේදී ඒ අමිහිරි දිනය උදා විය.

එදිනද අප සුපුරුදු පරිධි යතුරු පැදිය පාරට ගෙන සිත්සේ පැද නැවත ගෙනවිත් තැබූවෙමු. දැන් පොඩි අංකල් පරික්ෂා කර බලාවියයි යන බිය සම්පූර්ණයෙන්ම අපගේ සිත් වලින් පහවී තිබූ බැවින් එය ගෙනවිත් නතර කළ පසු පාසල් යාමට සූදානම් වනවා මිස පොඩි අංකල්ගේ හැසිරීම් නිරීක්ශණයක් නොවුනි. එය එතරම්ම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුනි. එදිනද මම පාසල් යාමට සූදානම් වෙමින් සිටියෙමි. හදිසියේම නිවසේ ඉදිරි පසින් ඇසෙන කෑ ගැසීමේ ශබ්ධය කුමක්ද යන්න බැලීමට මම බොත්තම් නොපියවූ කමිසය පිටින්ම කාමරයෙන් පිටතට පැමිණියෙමි.

"කවුද මේ බයිසිකලේ පැද්දෙ ?" පොඩි අංකල් උස් හඬින් ඇසීය. ඔහු තදින්ම කෝපාශ්ඨ වී සිටියේය.

"පැද්දෙ ?? අපිනම් පැද්දෙ නෑ, තල්ලු කළා විතරයි" මම කීවෙමි.

"තල්ලු කළා විතරයි ? තල්ලු කළාම ඇන්ජිම රත් වෙනවද ? බොරුනම් කියන්න එපා හරිද. මම දැන ගත්තා යතුරු එල්ලගෙන ඉන්නකොට මොකක් හරි විකාරයක් කරන බව" යි ආදී වශයෙන් ඔහු විසින් උස් හඬින් අප වෙත දෝශාරෝපණය කළා පමණක් නොව අවනඩුව තාත්තාට සහ අම්මාටද ඉදිරිපත් විය.

අයියාත් මාත් මුහුණින් මුහුන බලා ඇස් වලින් කතිකා කරගත්හ. ඒ මා පැවසූ ප්රකාශයෙහිම එල්බ ගැනීමටයි. තාත්තා සහ අම්මා අපෙන් නැවත විමසා සිටියද අපගේ පිළිතුර එයම විය.

"අපි පැද්දෙනම් නෑ, තල්ලු කරන ගමන් ගියර් එකටනම් දැම්මා, ඒකෙන් රත් වුනාද දන්නෑ" යි අයියා විත්තිය වෙනුවෙන් තවත් සාක්ශියක් ගෙන හැර පෑවේය. එයින් පැමිණිලිකරුගේ කෝපය වැඩි වූවා මිස වෙන කිසිවක් නොවුනි.

අවසානයේදී පැමිණිලිකරු කෝපයෙන් පුපුරමින් යතුරු පැදියට නැග පිටත්ව ගිය අතර තාත්තාගෙන් නැවත යතුරු පැදිය නොඅල්ලන ලෙස අවසාන නියෝගය ලැබුනේ බැනුම් වර්ෂාවකට පසුවය.

අප විසින් ඔහුගේ යතුරු පැදිය පැදීමට ගත් දා සිට, මුල්ම වරට එදින පොඩි අංකල් හට ඇන්ජිමේ වූ ලිහිසි තෙල් තත්ත්වය පරික්ෂා කිරීමට සිත්වී ඇත. ඒ සඳහා ඇන්ජිමේ වූ පියන විවෘත්ත කිරීමට යාමේදී එය රත් වී ඇති බව ඔහුට වැටහී යාම මෙලෙස අපගේ යතුරු පැදි භාවිතයේ ආරම්භයට නැවතීමේ තිත තැබීය. මෙය අප විසින් කිසිදිනක බලාපොරොත්තු වූ හෝ අනුමාන නොකළ දෙයකි. මේ පිළිබඳව කලින් සිහියට පැමිණියේනම් කිසිවිටකත් අප විසින් මෙම අවධානම නොගැනීමටත් ඉඩ තිබුණි. එයින් පසු අප විසින් ඔහුගේ යතුරු පැදිය වැරදීමකින්වත් නොඇල්ලුවෙමු .

එයින් දස වසරකට පසු, රැකියාවට යාම සඳහා උදේ හවහා, කාර්ය බහුල කොළබ-මීගමු පාරේ වාහන තද බදයන් අතරින් වංගු කපමින්, වෙට්ටු දමමින් යතුරු පැදියෙන් ගමන් කිරීමට මෙම ආරම්භයෙන් ලද පරිචය ඉමහත් පිටිවහලක්ම විය.

~~නිමි~~

පිදුම : එදා, දරු පස් දෙනෙකුගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිය ජීවිතයම කැප කොට ජීවන අරගලයක යෙදුනු, මෙදා, අංශභාග රෝගයෙන් ඔත්පලව ජීවිතය පවත්වා ගැනීම උදෙසා අරගලයක යෙදෙන, ආදරණීය අම්මාට.

ලියුවේ ;

~~සෙන්නා / 11.05.2013

සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3368399410311614148.post-48222212819479560202013-12-25T08:49:00.002+05:302013-12-25T08:49:55.293+05:30පොළඟා පරාදයි....

2013 නිකිණි මස 15 වනදා

"ඉන්දිකයා, ඒකනෙමේ බන්, මොකෝ අර ගාමිණී අයියගෙ අතට වෙලා තියෙන්නෙ? මොනා වෙලාදේ ?

සරතා ඔය ප්‍රශ්නෙ ඇහුව්වෙ, එදා උදේ අපි කට්ටියම ඉන්දිකයලෑ කුස්සියෙ තැන් තැන් වල වාඩි වෙලා තේ එක හම්බෙනකම් බලාගෙන හිටපු වෙලාවෙ. අගෝස්තු මාසෙ වුණත් මෙහෙ තාමත් උදේට පට්ට සීතලයි. ගේ ඇතුළෙත් සෙරප්පු නැතුව අඩිය තියන්න බැරි තරම් සීතලයි. ඇඟට නිකන් ඉඳිකටු තුල් වලින් අනිනවා වගේ වුණත් මම ඒ සීතලට කැමතියි. අපිටත් හැමදාම මේ තරම් සීතලක් තිබුනනම් ! දඩිය දාන එක කොච්චර වුණත් ඉවසන්න අමාරු දෙයක්. හැමෝම ජැකට් ඇඳලා රෙදි පොරවගෙන හිටියෙ. ඉන්දිකයටනම් එච්චර ගාණක් නෑ වගේ. උන්ට ඉතින් පුරුදු නැතෑ. බටහිරයො වෙච්ච අපිට එහෙමද ! මමයි, දමියායි, සම්පතායි, සරතයි, පිලිපයයි කුස්සියෙ ඉඩ තියන හැම තැනක්ම බදු අරගෙන හිටියේ. එකෙක් පුටුවක් උඩ, අනිකා හිරමනේ උඩ, තව එකෙක් පොඩි බංකුවක් උඩ, තව එකෙකෙක් තනි අන්ඩෙන් උළුවස්සට බරවෙලා, ඔන්න ඔය වගේ. ඉන්දිකයලෑ අම්මයි, අක්කයිත් කුස්සියෙ ගජරාමෙට වැඩ. ඒ අපිට උදේ කෑමට ! තාත්තත් එළියෙ මොකක්ද වැඩක්. අපි ආවයින් මේ මිනිස්සුන්ට වැඩ වැඩි වෙලා. උදෙන්ම නැගිටලා තේ එක හම්බෙනකම් කට්ටිය කුස්සියෙ වටවෙලා කයියක් දාන එකතමා පහු ගිය දවස් තුන හතරෙම සිද්ධ වුණේ, අදත් සිද්ධ වෙන්නෙ.

"අනේ පුතාලා ඒක කිව්වට කවුරුවත් විශ්වාස කරන්නෑ, නේ....ද පුතා ? " සරතගෙ ප්‍රශ්නෙට ඉන්දිකයගෙ අම්මා උත්තර දුන්නෙ ඌව සාක්ෂියකට අර ගන්න ගමන්. මෙහෙ මිනිස්සු කතා කරන විදිහ හරිම ළෙන්ගතුයි. ඇඳලා පැදලා බොහොම ලයාන්විතව තමයි කතා කරන්නෙ. ඉන්දිකයලෑ අම්මත් එහෙමයි. බලන් ඉන්න ආසයි ඒ කතා කරන විදිහ.

"ඔව් අම්මා, මුන්ට කිව්වත් අන්තිමට හිනා වෙන එක තමා වෙන්නෙ" බටයකින් පූස් පූස් ගගා ලිපට පිබ පිබ හිටපු ඉන්දිකයා ඔළුව උස්සන ගමන් කිව්වෙ. අම්මලට හොරෙන් සිකරට් අරක්කු බිව්වට මූ අම්මලාට උදව් කරණ හොඳ දරුවෙක් ! මුගෙ මේ "අම්මා", "තාත්තා" කියලා කතා කරන එකට මමනම් හෙණ මනාපයි. අම්මේ තාත්තේ කියනවට වැඩිය ඒක හෙණ හෘද්ධයාංගමයි, ළෙන්ගතුයි, සමීපයි. මේ පැත්තේ හැමෝම වගේ එහෙම තමා ආමන්ත්‍රණය.

XXXXXXX

ඉන්දිකයව මට මුලින්ම හම්බෙන්නෙ මම කටුනායක කලාපෙ වැඩ කරපු කාලෙ. බදුල්ලෙ ඉඳලා රස්සාවකට කොළඹ ආපු මූ, උන්ගෙ අයියා රස්සාව කරපු තැනටම ඒ කියන්නෙ අපේ වැඩපළේ ප්‍රධාන ශාඛාවට සම්බන්ධ වුණා. ඊට ටික කාලෙකට පස්සෙ තමා මිනිහට කටුනායකට මාරුවක් හම්බෙන්නෙ. ඔය 1996, Excel එහෙම මුලින්ම අතපත ගාන්න ගත්තු කාලෙ. මම එක්සෙල් ෂීට් එකක් දිගෑරගෙන අනාථවෙලා හිටපු වෙලාවක මූ බලෙන්ම වගේ අහලා මට උදව් කරපු එක තමා අපේ හිතවත් කමේ ආරම්භය. මිනිහා ඩ්‍රාෆ්ට්මන්. චිත්‍ර එහෙම ආයෙ ලෙසටම තියනවා. ඔය ලේබල්, කැටලොග්, හෑන්ඩ්බුක් එහෙම ඩිසයින් කරන එක තමා මුගෙ ජොබ් එක. දවසක් පේන්ට් වලින් බොක්සර් බල්ලෙක්ව ඇන්දා නිකන් පණ පිහිටවලා.

කොළඹින් කටුනායකට මාරු වුණාම මිනිහාට පොඩි අවුලක් ආවා නවතින්න තැනක් ගැන. දෙතුන් තැනක්ම බැලුවට හරියට හිතට අල්ලලා තිබුණෙ නෑ වගේ තමා මතක. ඒ දවස්වල උදේ හවා කිරුලපන පුංචි අම්ම කෙනෙක්ගෙ ගෙදර ඉඳන් තමා මිනිහා වැඩට ආවෙ. ඒක හොඳ කට්ටක්. ඔය ගැන මාත් එක්ක කියපුවම තමා මම කිව්වෙ කැමතිනම් අපේ ගෙදර වරෙන්, හැබැයි තනි කාමර නෑ, හවුලෙ තමා ඉන්න වෙන්නෙ කියලා. ඊට පස්සෙ තමා ඉන්දිකයා අපේ ගෙදර නවතින්න සෙට් වුණේ. ඒ වෙනකොට ලොකු අම්මා නැතිවෙලා තිබුණ නිසා ලොකු අයියා ඒ කාමරේට ගිහින් ඉන්දිකයට එයා හිටපු ඇඳ වෙන්වුණා. ඒ වෙනුවෙන් මිනිහා මාස්පතා අම්මට ගානක් ගෙව්වා. ගෙවපු ගානට හරියන්න ඌ ගෙදර හිටියෙවත් කෑම ගත්තෙවත් නෑ කියලා මතකයි.

ඉන්දිකයා ඇවිල්ලා කා එක්ක වුණත් බොහොම ඉක්මනට කතාබහ කරලා හිතවත් වෙන එකා. අපේ දිහාට ඇවිත් වැඩි කාලයක් යනන් කලින් ඌව අපේ ගමේ නොදන්න කෙනෙක් නැතිවුණා. මීගපු පාරෙ ඉඳන් අපේ ගෙදරට තියෙන්නෙ මීටර් අට සීයයි. මම සාමාන්‍යයෙන් පයින් යනකොට ඔය දුර විනාඩි පහෙන්, වැඩිම වුණොත් දහයෙන් ඇදලා දානවා. මූට යනවා පැය එකහාමාරකට වැඩිය. ඔන්න හන්දියෙන් බස් එකෙන් බහිනවා. එතනම ඉන්නවා ත්‍රීවීල් බජාර් එක. "ආ... මචන්ලා කොහොමද ? උඹලා කෑවද ? අරවද ? මේවද ? අම්මලා සනීපෙන්ද ? .........? ... ? ... ? " ප්‍රශ්න ගොඩයි. සිගරට් තුනයි. ඊට පස්සෙ එතනින් ඇවිත් මීටර් දහක් යද්දි එනවා තව එකෙක්. "ආ මචන් කොහොමද ? .... ? ..... ? " සිගරට් එකයි. ඔහොම හැමෝගෙම සුව දුක් විචාරමින් එනකොට අඩුම පැය එකාමාරයි. පැය තුන හතර ගියපු දවස් නැත්තෙමත් නෑ. අනිත් එක දැන් මේක කියවන කාට හරි අපේ ගෙදර එන්න ඕනනම් එහෙම හන්දියට ඇවිල්ලා "සෙන්නලෑ ගෙදරට යන්නෙ කොහොමද ? " කියලා ඇහුවට වැඩක් වෙන්නෑ. උන් උඩ බිම බලනවා ඕන ඔට්ටුවක් ! (සෙන්නා කියලානම් ගෙදරින් ඇවිල්ලා ඇහුවත්, එහෙම එකෙක් නෑ කියනවා. හෙහ් හෙහ්) අහන්න ඕනා "ඉන්දික හිටපු ගෙදරට යන්නෙ කොහොමද ?' කියලා. ආන්න, ගෙදරට යන පාර ඇඳලම දෙයි. මිනිහා ඒ ආකාරයි.

ඒ ලෙවල් ඉවර වුණාට පස්සෙ එකටම වගේ හිටිය අපි පස් දෙනෙක් හිටියා. මම, දමියා, සරා, සම්පතා, පිලිපා. අපේ පුරුද්ද තමා ඉතින් හැන්දෑ කොරේට එක එකාගෙ ගෙවල් වලට ගිහින් කයිය ගහගෙන ඉන්න එක. ඒ වෙනකොට රස්සාවක් කළේ මමයි, දමියයි විතරද කොහෙද ! ඔය වගේ ඉතින් ඕකුන් සෙට් එක අපේ ගෙදරත් එනවා. ඇවිල්ලා ඔය කාමරේ රෑ වෙනකම් බොරු කියන එක තමා රැකියාව. අම්මටයි, නංගිලටයි හොඳ ගණන් ඉතින් මුන්ට තේ හදලා. සමහර එවුන් "ඇන්ටි මෝල්ටඩ් මිල්ක් එකක්" කියලා ඕඩරෙත් දාගෙනම තමා කාමරේට එන්නෙ. ඉන්දිකයා ආවා කියලා ඉතින් ඕකෙ වෙනසක් වුණේ නෑ. එහෙම වෙන්න හේතුවකුත් නෑනෙ. සිද්ධ වෙච්ච එකම වෙනස කට්ටිය එන වාර ගාන වැඩි වුණ එක තමා.

ඉන්දිකයා ඉතින් උන්ගෙ ගමේ විස්තරයි, අරවයි, මේවයි කිය කිය කට්ටියව ආනන්දයෙන් ප්‍රඥාවට අරන් ගිහින් තිබුණෙ. ඒවට ඌට මඩ නොවැදුණා එහෙමත් නෙමේ. සරා එහෙම මඩ ගහන්න දන්නෙම නැති එකා වෙච්චි. ඔය වගේ බොරු වැලක් අතරින් තමා අපිට ඉන්දිකයගෙන් නිට්ටළුවො ගැන මුල්වරට අහන්න ලැබුණෙ. ඊට කලින් අපි එහෙම ජාතියක් ගැන අහලා තිබුණෙම නැති නිසා මේක අපිට බොහොම උද්යෝගිමත් මාතෘකාවක් වුණා.

ඉස්සර ලංකාවෙ ඉඳලා තියනවලු සිරුරින් කුඩා, වනාශ්රිතව දිවි ගෙවූ නිට්ටළුවො හෙවත් නිත්තෑවො කියලා ජනවර්ගයක්. එක්තරා කාලයකදි මොවුන්ගේ ස්ත්‍රීන් ශීඝ්‍රයෙන් වඳවීම නිසා ඔවුන් වැදි ජනයාගෙ ස්ත්‍රීන්ව පැහැර ගෙන ඇවිල්ලා තමන්ගෙ අඹුවන් ලෙස පවර ගන්න පටන් ගත්තාලු. මේකට උරණ වෙච්ච වැද්දො නිට්ටළුවන්ව අල්ලලා ගල් ගුහාවක හිර කරලා ගිනි තියලා මරලා දැම්මලු. එතනින් ඔවුන් වඳ වුණා කියලා තමා කියන්නෙ. වැද්දන් හා නිට්ටළුවන් අතර කාලාන්තරයක් තිස්සෙ පැවතුන ගැටුමක් නිසා වැද්දන් ඔවුන්ට සංහාරය කළා කියලත් කියවෙනවා. තව කතාවක් තියනවා මොවුන් නිට්ටඹුව ප්‍රදේශයෙන් ස්ත්‍රීන්ව පැහැරගෙන ආපු බවකුත්. නිට්ටළුවන්ට අඹුවන් සපයපු නිසා නිට්ටඹුව උණා කියලත් කියනවලු. මොවුන් සිරුරින් කුඩා වුණත් දරුණු අර්ධ මානව කොටසක් කියලත් කියවෙනවා. ( මූලාශ්‍ර පහතින් දැක්වේ. )

ඔය වගේ කතාවක් ඉතින් හිත් නොගන්න හේතුවක් නෑනෙ. විශේෂයෙන්ම ඉන්දිකයා හොඳට ලුණු ඇබුල් දාලා කිව්වම. ඉන්දිකයා කියපු විදිහට මේ නිට්ටළුවො කියන ජාතිය උන්ගෙ පැත්තෙත් ඉඳලා තියනවා සහ දැනටත් ඉන්නවා. ඔවුන්ව එහෙන් මෙහෙන් දැකපු මිනිස්සු ඉන්න බව තමා අපිට දැනගන්න ලැබුණෙ. මේ කතාව ඇහුවට පස්සෙ අපි කට්ටිය ඒකමතිකවා තීරණය කළා ඉන්දිකයලෑ පැත්තෙ රවුමක් දාලා මේ ගැන හොයන්න. බොහොම අමාරුවෙන් රාත්‍රී බදුලු දුම් රියේ තෙරපිලා ඇවිල්ලා, එක්තාරා පාන්දරක අපි බණ්ඩාරවෙල හරහා ඇටම්පිටියට ගොඩ බහින්නෙ ඒ තීරණය මල්ඵල ගන්වමින්.

ඇටම්පිටිය ප්‍රදේශය, බෝගොඩ පාලම අවට කලාපය, දුන්හිද ඇල්ල ප්‍රදේශය අපේ නිරීක්ෂණයට අහුවෙන්නෙ ඊට පස්සෙ තමා. ඇත්තම කිව්වොත් නිට්ටළුවන් හෙවීම අපි නිකන් ගමනට අරමුණක් ලෙස තියා ගත්තා මිසක් ඒ වෙනුවෙන්ම බැහැලා කරපු ගවේෂණයක් නෙමෙයි මේක. ගමේ අයත් කිහිප දෙනෙක්ම අපේ සම්මුඛ සාකච්ඡා වලට හසු වුණාට ඒ අයටත් ඉන්දිකයා දන්නවට වැඩි යමක් කියන්න බැරි වුණා. පස්සෙ පස්සෙ ඒක බොහොම උදාසීන අරමුණක් වුණා විතරක් නෙමේ අපි ඒක අමතක කරලා දාලා ගමන රස විදින්න පටන් ගත්තා. ඉතින් අපිට හම්බුණ නිට්ටළුවෙක් නෑ කියන එක කියන්න ඕනා නෑ නෙ. අන්තිමට වුණේ ඉන්දිකයට නිට්ටළුවා කියලා කාර්ඩ් එකක් වැදිච්ච එක විතරයි.

ගාමිණී අයියා අපිත් එක්ක එකතු වුණේ අවසාන වශයෙන් අපි ඉන්දිකයලා ගෙට පහළ බෑවුමේ තියන කුඹුරු යායට එපිටින් තිබුණ කැලෑ රොද ගවේෂණය කරන්න ගිය ගමනට. මේකෙදිවත් අපිට නිට්ටළුවෙක් දකින්න ලැබෙයි කියලා අපි පැතුවා, බලාපොරොත්තු වුණා. යෝධ පුස්වැල් එහෙම තිබුණ, ඝන උඩු වියනක් තිබුණු අපූරු කැලයක් ඒක. වලි කුකුල්ලු එහෙම රංචු පිටින් හිටියා.

ගාමිණී අයියව ගමනට එකතු කරගත්තෙ මිනිහට මේ කැලේ ගැන හසළ දැනුමක් තිබුණ නිසා. ඉන්දික කිව්වෙනම් මිනිහා මේ කැලේ හැම බිම අගලක්ම දන්නවලු. එයාගෙ අපි එක සුවිශේෂත්වයක් දැක්කා. ඒ වම් අත මැණික් කටුවට පහළින් නැති කම. ඉන්දිකයා අපිට මේ ගැන කලින් යමක් කියලා තිබුණෙ නැති නිසා අපිට ලොකු කුතුහලයක් තිබුණෙ ඇයි මේ කියලා. ඒත් අහන්න බැරි නිසා හැමෝම ඒ ගැන සද්දෙ වහලා හිටියා. කොහොම හරි කැලේ කරක් ගහලා, කරක් ගහලා පාන් කියා ගන්න බැරුව හිස් අතින්ම ගෙදර ආවට ඔළුව පිරිලා තිබුණෙ කුතුහලයෙන්. මහන්සිය නිසා හැමෝටම අමතක වෙලා තිබුණ ඒ කුතුහලය තමා සරා විසින් එදා උදේ හැමෝම ඉස්සරහා පිට කෙරුවෙ. ඌ එහෙම නොකළනම් ඒක වෙන එකෙක් කරන බව ඉර හඳ වගේ විශ්වාසයි.

XXXXXXX

"හරි හරි ඉතින් විශ්වාස කරනවද, නැද්ද බලන්න අගේ නොකර කියහන්කො" ඒ සම්පතයා.

"පොරට මචන් ඔය අපි ඊයෙ ගියපු කැලේ නිකන් ගෙදර වගේ. නිතරම ඕකෙ කරක් ගහන එක තමා මිනිහගෙ විනෝදාංශෙ. යනකොට අර ඊයෙත් අරන් ඇවිත් තිබුණ පොරව අරගෙන යන්න අමතක කරන්නෑ. දැක්කනෙ ඒකෙ මහතයි, මුවහතයි." මේ පොරව සාමාන්‍යයෙන් ගෙවල්වල තියන දර පළන ජාතියෙ එකක් නෙමේ. කෙටි මිටක් තියන, තලේ අග හඳ පළුව වගේ පළල ඒ වගේම කෙස් ගහක් වැටුණත් කැපිලා යන තරම් තියුණු මුවහතක් තිබුණ පොරවක්.

"ගමේ කාට හරි බේත් පැළෑටියක් එහෙම හොයාගන්න ඕනා වුණොත් ගාමිණී අයියට කියන එක විතරයි තියෙන්නෙ, මිනිහා සුටුස් ගාලා ඔය කැලේට රිංගල හොයාගෙන එනවා. එදත් ඔය වගේ කාට හරි බේත් පැළෑටි වගයක් හොයන්න තමා ගිහින් තිබුණෙ. පෙරළිච්ච ගහක කඳක් යට ඒ පැළෑටි වගයක් තියනවා දැකලා මිනිහා ගලව ගන්න අත දැම්මා විතරලු මොකෙක් හරි හපනවා වගේ දැනුණලු, ඒ එක්කම දරුණු වේදානාවක් දැනුණලු."

"ඉතින්හ්.. ! සර්පයෙක්ද ? "

"ඔව්, මිනිහා එතකොටම දැක්කලු සර සර ගගා කොළ පොඩි කරන් ඇදෙන පොළඟව."

"නෑහ්හ්.. ඉතින් ඉතින්"

"මිනිහා ඉස්සෙල්ලම කරලා තියෙන්නෙ අර පොරවෙන් පොළඟව දෙකට වෙන් වෙන්න කපපු එක."

"ඊට පස්සෙ ? "

"ඊට පස්සෙ මිනිහා කරපු දේ කිව්වට උඹලා විශ්වාස කරන්නෑ. ඒක හින්දා නොකිය ඉන්නම්" පොඩ්ඩක් අගය කරපු ඉන්දිකයා නිවීගෙන යන ලිපට ආයෙත් පූස් පූස් ගාල පිඹින්න ගත්තා.

"අඩේ අඩේ ආන්න ඉතින් අගය කරනවා.. හරි හරි කියපන් අපි විශ්වාස කරනවා."

පිඹිල්ල ඉවර කරලා ඔළුව උස්සලා ටිකක් හොල්මන් වෙලා වගේ බලන් හිටියෙ ලිපට පිම්බම එන කැරකැවිල්ල යනකම් වෙන්නෝනා. "මිනිහා ඊළඟට කළේ අර වැටිලා තිබුණ කඳ උඩින් පොළඟා දෂ්ට කරපු වම් අත තියලා, මැණික් කටුව ගාවින් කපලා යන්න පොරවෙන් කොටපු එකයි" කියලා කියනකොටම අපි ඔක්කොම කටවල් ඇරගෙන ටික වෙලාවක් තුෂ්ණිම්භූත වෙලා බලන් හිටියා. ඊට පස්සෙ කට්ටියම එක පාරම වගේ තමයි බකස් ගාලා හිනාව පිට කළේ.

"අනේ පලහ් පලහ්..යන්න.. උදේ පාන්දර බේගල් ඇද නොබා.. හෙහ් හෙහ් හෙහ් .. මේ බලපල්ලකො මැණික් කටුව ගාවින් කපලා යන්න කෙටුවලු. හෙහ් හෙහ්.. " ඒ සරතා.

'ඕක තමයි තොපිලට මම කලින්ම කිව්වෙ." ඔන්න දැන් ඉන්දිකයට මළ පැනලා..

"නෑ පුතාල ඒක ඇත්ත... ඒ ළමයා එහෙම කරලා තියෙනවා. නැත්නම් කැලෙන් එළියට එන්නත් කලින්ම, මැරෙනවා." කියලා ඉන්දිකයලෑ අම්මා කිව්වම තමා ආයෙත් හිනා වෙවී හිටපු අපේ කටවල් ඇරුණෙ. ඉන්දිකයලෑ අම්මා කලින්ම කවුරුවත් විශ්වාස කරන්නෑ කියලා කියපු එක ඒ ඩිංගට අමතක වෙච්ච හැටි.

"නෑ....හ්.... මිනිහා අදහන්න වටින පොරක්නෙ." අපි හැමෝම වගේ එහෙම හිතුවා සිකුරුයි.

XXXXXXX

මොකද හිතන්නෙ ? මේක ගජබින්නාලංකාරයේ ලියවෙන්න ඕනා කතාවක්ද නැත්නම් මේ ජාතියෙ මිනිස්සු මේ ලෝකෙ ඉන්න පුළුවන්ද ? කතාවෙ අනිත් කොටස කියවන්න කලින් ඒ ගැන ඔබේ අදහස කියලා යන්න අමතක කරන්න එපා.

අනිත් කොටස මෙතනින් කියවන්න - දොරුව පරාදයි

මූලාශ්‍ර;

1. ඉන්දික ජයසිංහ

2. කලිකාල : මාරයාගේ හෝරාව - මාරයාගේ චූටි චරිකාව

3. සුමිත් නිරිඇල්ල : මාරයාගේ හෝරාව - මාරයාගේ චූටි චාරිකාව

4. චාමර : ගාමිණිගේ විජිතය - පැන්ඩාවන් හා වලස්සු

5. හසිත : ගාමිණීගේ විජිතය - පැන්ඩාවන් හා වලස්සු

6. ගාමිණී සමරකෝන් : ගාමිණීගේ විජිතය - පැන්ඩාවන් හා වලස්සු

ලියුවේ :

~~ සෙන්නා / 15.08.2013

සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3368399410311614148.post-88824982151599540922013-12-25T08:23:00.000+05:302013-12-25T08:48:48.920+05:30බිළාල ශාපය....

20.03.20__

නිවසේදීය,

මා ප්‍රිය හිතවත / හිතවතිය, ඔබ මේ බ්ලොග් සටහන කියවන විට මා ජීවිතයට සමුදී සදාකාලික නිද්‍රාවට පිවිස අවසානය. මෙය මෙහි පළවන අවසාන බ්ලොග් සටහන බව ඉතා කරුණාවෙන් සලකන්න. පුරා දෙවසරකට මදක් වැඩි කාලයක් ඔබ හා රැදුණු හෙයින් මේ අවසන් නික්මයාම පිළිබඳව මෙසේ සටහන් කොට තබා යාම මාගේ යුතුකමක් යැයි මම සිතමි. සිදුවූයේ හා වන්නේ කුමක්දැයි පැහැදිලිව පවසා මම ඔබගෙන් සමුගනිමි. එහෙයින් මෙතැන් සිට අවසානය දක්වා සියල්ල ඉතා සාවධානව කියවන මෙන් ඔබෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. මෙතෙක් ඔබ හා මා දොඩමළු නොවූ මාගේ තථ්‍ය ජීවිතයේ, මා හා බැඳුණු චරිත හා සිදුවීම්, අතිශය තීරණාත්මක සිදුවීම් කිහිපයක් ඔබගේ දැන ගැනීම සඳහා මෙතැන් සිට පෙළ ගස්වමි. මා දැන් සිටිනා මානසික වාතාවරණය හේතුකොටගෙන එය නිසියාකාරයෙන් කිරීමට හැකිවේදැයි මටම සැකය. එහෙත් මම උත්සහා කරමි. සිදුවීම් සිදුවූ ආකාරයෙන්ම ලියා තැබීමට උත්සහා කරමි. තව හෝරා කිහිපයකින් එළබෙන ඒ අවාසනාවන්ත දිනයේ කිනම් මොහොහොතක හෝ ඒ කාලවර්ණ නපුරු යක්ෂයා මා වෙත පැමිණෙන බව ඒකාන්තය. එයට පෙර මා ඉක්මන් විය යුතුය. එහෙයින් මෙම ලිපිය හැකිතරම් ඉක්මනින් ලියා අවසන්කොට ප්‍රසිද්ධ කිරීමට මම අදහස් කරගෙන සිටිමි.

එදා මාර්තු 21 වෙනිදාවක් බව කෙසේනම් අමතක කරන්නද ? මේ දිනය දැන් මාගේ ජීවිතයට සම්බන්ධවී ඇත්තේ එය මාගේ උපන්දිනය නිසාම පමණක් නොවේය. එදා, උපන් දිනය සැමරීම සඳහා අප රාත්‍රී ආහාර වේල පිටින් ගත යුතුයැයි යෝජනා කෙරුවේ තාත්තාය. මුලු සන්ධ්‍යාවම පාහේ පිටත ගතකොට රාත්‍රී ආහාර වේලද ප්‍රසිද්ධ ආපන ශාලාවකින් රැගෙන අප පස් දෙන නැවත නිවස බලා ඒමට පිටත් වන විට රාත්‍රී එකොලහත් පසුවී තිබුණි. තාත්තා වෑන් රථය ධාවනය කළ අතර මම ඉදිරි පස වම් පස අසුනට බරවී සිටියෙමි. අම්මාත් අක්කාත් මල්ලීත් පිටුපස අසුනේය. වාහන නොමැති කමින් පාර පාළු ස්වාභාවයක් ගෙන තිබූ බැවින් තාත්තා සැලකිය යුතු වේගයකින් රථය ධාවනය කළේය. එය සිදුවූයේ ඉතා හදිසියේය. එක වරම වැන් රථයට මීටර දහයක් පමණ දුරින් පාර හරහා දිව යන කළුම කළු බළලෙකු විය. ඌ කොහෙන් කෙසේ ප්‍රාදූර්භූත වූයේ දැයි අදහා ගැනීමටවත් නොහැකි වූ ඒ නිමේෂයේදී තාත්තා වැරදි තීරණයකට යොමු විය. හදිසි තිරිංග පහරින් පැත්තට විසිවී ගිය වෑන් රථය දකුණු පස වූ තාප්පයේ ඉතා තදින් වැදුණේ එයද අනිත් පසට පෙරළා දමමිනි. අනතුරින් සිහිසන් වූ මා රෝහලේදී නැවත සිහිය ලබා ටික වේලාවකින් තාත්තා හා අක්කා අප හැර ගොස් ඇති බව දැනගෙන රෝහලේ වහල ගැලවී යන තරම් හයියෙන් කෑ ගසා හඬා වැටුණි. මාගේ උපන් දිනය අප නිවසේ දෙදෙනෙකුටම සිය ජීවිතයේ අවසන් දිනය වී තිබුණි.

හදවත්හී ඇතිවූ තුවාලයන් කෙමෙන් කෙමෙන් සුවපත් කරමින් කාලය ගලා ගියේය. නෑසිය මිතුරන්ගේ, අසල්වැසියන්ගේ සැනසිලිදායක වදන් අපට යථා තත්ත්වයට පත්වීමට මහඟු පිටිවහලක් විය. අනිත්‍යය හා අටලෝ දහම සිහිකොට එය අපට පමණක් සීමා නොවූ ඉරණමක්යැයි සිතා සිත් සාදා ගත්හ. අවසන තාත්තාත්, අක්කාත් නොමැති ජීවිතයකට අප හුරු වූහ.

වසරක් ගෙවුණි. මාගේ උපන් දිනයත්, තාත්තාගේ හා අක්කාගේ සැමරුමත් එකට යෙදී තිබුණද උපන් දිනය සපුරා අමතක කළ අප වර්ෂ පූර්ණ පින්කම් සඳහා ලක ලෑස්ති වූහ. කිසිසේත් බලාපොරොත්තු නුවූ ලෙස එදිනම මාරාන්තික දෙවන ප්‍රහාරයද එල්ල වූයේ අපගේ ස්නායු භීතියෙන් හිරිවට්ටවමිනි. වර්ෂ පූර්ණය වෙනුවෙන් අම්මාත් මමත් මල්ලීත් කනත්තට ගොස් තාත්තාගේත් අක්කාගේත් සොහොන් අබියස ඉටි පන්දම් දල්වා, අලුතින් මල් පොකුරු තැන්පත් කොට ඔවුන් සිහි කර පින්පතා නැවත එමින් සිටිහය. අප කනත්ත අයිනෙන් වූ මාවතෙහි වම් පසින් ගමන් කරමින් සිටි අතර හදිසියේම කනත්තෙහි වැටෙන් රිංගා පාරට පැමිණ අප දෙසට එකිනෙකා ලුහු බැඳන් එන බළලුන් දෙදෙනෙකු වූහ. එකෙක් සුදු පාට බළලෙකු වූ අතර ඌව හඹා ආ අනෙකා තදම තද කළු පැහැති බළලෙකි. සුදු බළලා අම්මාගේ පාදයක් අසලින් දිව යන විට කළු බළලා ඇයගේ දෙපා අතරින් දිව ගියේ විදුලි වේගයකිනි. මෙයින් කලබලයට පත් ඈ කෑගසමින් අහකට පැන්නේ සතුන්ව මග හැරීම සඳහාය. අවාසනාවක මහත ! කලබලවූ අම්මා එක් වරම පැන්නේ පාර දෙසටය. පිටුපසින් ආ බස් රථය ඇයව යට කරගෙන ඉදිරියට ගොස් නතර විය. අභ්‍යන්තර රුධිර වහනය හා සුසුම්නාව බිඳි යාම නිසා දින දෙකක් රෝහලෙහි අධික ලෙස වේදනා විධි ඇය අවසන මමත් මල්ලීත් මෙලොව හුදකලාකොට අප අත්හැර තාත්තා සහ අක්කා වෙතට ගියාය.

එකිනෙකා විවිධි විවිධ මත ඉදිරිපත් කළහ. සමහරුන් මුහුණට නොකීවද එය මාගේ අවාසනාවක් නිසා වෙන දෙයක් බව කියා තිබූ බව මට කණින් කොනින් ආරංචි විය. ඒ මෙම සියලු මරණ වලට බලපෑ හේතුව මාගේ උපන් දිනය දවසේම සිදුවී තිබීම නිසාය. සමහරුන් බලි තොවිල් ශාන්ති කර්ම ආදී කටයුතු කිරීමට යෝජනා කළ අතර සමහරෙක්ගේ මතය වුයේ අප ප්‍රදේශය අත් හැර යා යුතු බවය. තාත්තාගේත් අක්කාගේත් මරණයට සහභාගී වූ පිරිසෙන් අඩක්වත් අම්මාගේ මරණයට නොවූහ. සිදු වන්නේ කුමක්දැයි මටවත්, මල්ලීටවත් නිසියාකාරයෙන් නිශ්චය කරගැනීමට නොහැක. කුමක් නමුත් අපගේ පාලනයෙන් තොර අමුතු දෙයක් සිදුවන බවක් අපට හැඟුණි. කාලය ගතවීමත් සමඟ අප දෙදෙනා නැවතත් සාමාන්‍ය නොවුණත් එදිනෙදා ජීවිතයට හුරු වූහ. නිවස එකම පාළු අම්බලමක් වී තිබුණි. අප දෙදෙනාම ගෙදර සිටින වේලාවකදී වූවත් අප අතර වැඩි කතා බහක් නොවුණි. දැන් දැන් අප ඇසුරු කරනා යාළු මිත්රාදීන්ද හිඟය. අප පවුලම කුමක් හෝ සාපයකට ගොදුරුවී ඇතැයි අනුමාන කළ ඔවුන් ක්‍රමක්‍රමයෙන් අපගෙන් ඈත් වෙමින් සිටියහ.

ඊළඟ මාර්තු 21 වෙනිදාව උදාවූයේ අප දෙදෙනාගේම හදවත් භීතියෙන් සලිත කරවමිනි. එදින උදයේම අවදිවූ මා දෙවියන් බුදුන් සිහිකර අප දෙදෙනා වෙනුවෙන්ම ආරක්ෂාව පැතුවේය. කිසිඳු අතුරු අන්තරාවකින් තොරව මේ දිනය පහු කර ගැනීමට ලැබේවායි පැතුවෙමි. දෙදෙනාම එදින නිවාඩු දමා ගෙදරට වී සිටියේ අනතුරකට ලක්වීමේ ඉඩ අහුරාලනු වස්ය. නමුත් සිද්ධවීමට ලියවී ඇති දෑ කෙසේනම් වළකාලම්ද !

එදින දහවල් දිවා ආහාරයෙන් පසුව අප දෙදෙනා සාලයේ අසුන් ගෙන රූපවාහිනී යන්ත්‍රය නරඹමින් සිටියහ. හදිසියේම ඇසුණු බළල් පොරයේ හඬට අවධානය යොමු කර පිටත බැලූ අපට, අපගේ බළලා ලුහු බැඳ එන කළු පාට බළලෙකු දිස් විය. අපගේ බළලා ආරක්ෂාව පතා ගෙට වැදී පුටුවක් යටට රිංගුවේය. එහෙත් කළු බළලාද ඌ හඹා විත් පුටුව යටදීම පෙරළාගෙන සපන්නට විය. මෙයින් කෝපාවිෂ්ට වූ මල්ලි අප බළලාව බේරාගැනීම සඳහා එතනට ලංවන විටදීම ඔහු වෙතට කඩා පිනූ කළු බළලා ඔහුව සපා කා පැන දිවීය. දත් පහරවල් හතරක් සමඟින් නියපොතු පහරවල් කිහිපයක් ඔහුගේ දකුණතෙහි විය. ඒවා එතරම් බරපතල තත්ත්වයේ නොවූ හෙයින් ඔහු බේත් දමා ගැනීමට යාම ප්‍රතික්ෂේප කොට ගොඩ වෙදකමකින් සෑහීමකට පත් විය. අප දෙදෙනාට කිසිඳු අනතුරකින් තොරව මාර්තු 21 ගෙවී ගියේය. ඒ ගැන අප බොහෝ සතුටට පත්වූ අතර කිසියම් හෝ අසුබ දෙයක් තිබුණිනම් එය අවසන් වී ඇතැයි අප අනුමාන කළහ.

එතැන් සිට මාස දෙකක් ගෙවුණ තැන මල්ලීගේ හැසිරීමෙහි යම් අමුත්තක් මා හට දිස් විය. ඔහු සාංකාවෙහි හා විශාදියෙහි මූලික ලක්ෂණ පෙන්නුම් කර සිටියේය. එක දිගට පැමිණි කරදර වැල නිසා එසේ වන්නට ඇතැයි අපි අනුමාන කෙළෙමු. එහෙත් එන්න එන්නම තත්ත්වය නරක අතටම හැරුණි. ඔහු මහ රෑ හදිසියේම අවදිව භීතියෙන් කෑ ගැසීමට පටන් ගත්තේය. යම් යම් රූප හා ඡායාවන් පෙනෙන බවට සඳහන් කළේය. ඔහුට කිසිඳු දියර වර්ගයක් පානය කළ නොහැකි වූ අතර මුත්‍රා පිට කිරීමෙහි පාලනයද ඔහු වෙතින් ගිලිහී තිබු බැවින් නිතරම ඇඳ තෙමීම ඔහු අතින් සිදු විය. කිසිවකුගේ හව්හරණක් නොමැතිව මෙම කරදරයට මුහුණ දීමට මා හට සිදුවී තිබුණි. කළ යුතු කිසිඳු ප්‍රතිකර්මයක් නොදුටු තැන අවසන මා ඔහු රෝහලට ඇතුළත් කෙරුවේය. අවාසනාවකි ! ඔහු ජලභීතිකා රෝගයෙන් ඔත්පලව සිටින බැව් වෛද්‍යවරුන් මාහට පවසා සිටියේ එයට කිසිඳු ප්‍රතිකර්මයක් මේ වන විට සොයාගෙන නොමැති බවද දන්වමිනි. මාගේ මුලු ලොවම නැවතත් මා හිස මත කඩා වැටෙමින් තිබුණි. මා හට මෙලොවෙහි වූ එකම හිතවතාද මා හැර යාමට සූදානම් වෙමින් රෝහලෙහි ඇඳක් මත දගලමින් සිටියේය. තවත් දින දෙකක් පෙරකී රෝග ලක්ෂණයන්ගෙන් බැට කෑ මලණුවන් අවසානයේදී මා තනිකර යන්නටම ගියේය. මෙම දරුණු ප්‍රහාරය ඉවසා දරා ගැනීමට තවමත් මාහට ශක්තිය තිබීම ගැන විටෙක මමම පුදුමයට පත් වීමි. වසරක් පාසා එකින් එක මාගේ සමීපතමයන් මා හැර යද්දීත් තවමත් මා නිරුපද්‍රිතව හොඳ සිහියෙන් පසු වීම විටෙක මටම අදහා ගැනීමට නොහැකි තත්ත්වයකි. සැබවින්ම මා ජීවත් වේද ? නැතහොත් මා මේ දකින්නේ සිහිනයක්ද ? මා ඔවුනට පෙර මිය ගොස් ඔවුන්ගේ මරණයන් කොහේ හෝ සිට නරඹමින් සිටින්නේද ?

මල්ලිගේ දේහය නිවසට ගෙන යාමට මම ප්‍රතික්ෂේප කළ බැවින් රෝහල මුල්වී අවසන් කටයුතු සිදු කර දමන ලදී. නෑ හිත මිතුරන් සියල්ලම පාහේ බොහෝ දුරට අප අත් හැර සිටි බැවින් මළ ගෙයි කටයුතු වෙනුවෙන් හෝ ඔවුන් සහභාගී වෙදෝයි මා හට වූයේ සැකයකි. මළ මිනියක් සමඟින් නිවසේ තනිවීම මා උමතු කරවන්නක් වීමට ඉඩ තිබුණි.

මල්ලීගේ මරණයත් සමඟින් මෙතෙක් මා පිළිගැනීමට අදිමදි කළ එක් දෙයක් අකමැත්තෙන් හෝ පිළිගැනීමට වී තිබේ. ඔව්, අප පවුලට කිසිවකුගේ හෝ සාපයක් වැදි ඇත. එහෙත් ඒ කාගේ සාපයද ? දන්නා තරමින් අප කා හට හෝ අහිතක්, නපුරක්, අනතුරක් සිදු කොට නොමැත.

සිදුවන්නේ කුමක්දැයි අදහා ගැනීමට නොහැකිව අඳුරෙහි අතපත ගාමින් සිටි මාහට ඉතා අහඹු ලෙස ප්‍රහාරකයා හෙළිදරව් කරගැනීමට හැකි විය. මා දැන් විශ්වාස කරනා අන්දමට අවසාන ඉලක්කය වූ මා වෙත ප්‍රහාරය එල්ල කිරීමට පෙර තමාව හඳුන්වා දීමට ඌට උවමනා වූවා වැනිය. මෙතැන් සිට කතාව කීමට මම මදක් පැකිලෙමි. ඒ ඔබ මා අන්ධ විශ්වාසයන් ඇති මිථ්‍යාදෘෂ්ටිකයෙකුයැයි අනුමාන කිරීමට ඉඩ ඇති බැවිනි. නමුත් මාගේ ඉන්ද්රියනට වැටහෙනා පරිධි මෙම ඛේදවාචකයට මීට වඩා තේරුමක් දිය නොහැකිය.

ඉතා අහඹු ලෙස ඔබගෙන් කෙනෙකු ( අදාල නොවන බැවින් මම ඔහුගේ නම හෙළි කිරීමෙන් වැළකෙමි ) හා කළ සංවාදයකදී මා හට එඩ්ගා ඇලන් පෝ නැමති ඇමෙරිකානු ලේඛකයාගේ කෘති අඩංගු අඩවියකට සබැඳියක් ලැබුණි. එහි වූ කතා විශාල ගණනක් අතරින් එකවරම මාගේ අවධානය The black cat කතාව වෙතම යොමු වූයේ මන්දැයි මම තවමත් සිතමි. එය කිසිවකුගේ අදෘශ්‍යමාන මගපෙන්වීමක්යැයි විශ්වාස කිරීමට මා කැමතිය. මා එම කතාව කියවා අවසන් කෙරුවේ ලොමුදැහැගැන්වීය. ඒ එම කථාවෙහි වූ කිසිඳු භයානක කමක් නිසා නොව එය මාගේ එක් දුෂ්ට ක්‍රියාකාරකමක් හා 100%ක් ගැළපීමේ අපූරු සමානකම නිසාවෙනි. එය එසේ සිදු විය හැකිද ? මා විසින් සැබවින්ම කළ ක්‍රියාකාරකමක් එලෙසින්ම අතීතයෙහි වූ ලේඛකයෙකු ලියා තැබුවේ කෙලෙසද ? මෙම කතාව කියවීමෙන් පසු මෙතෙක් මාහට සම්පූර්ණයෙන්ම අමතකව තිබූ, අතීතයේ මා කළ ඒ මහා පාපය මාගේ දෑස් ඉදිරියෙක් මැවී පෙනෙන්නට විය. ඒ සමඟම අපගේ පවුලේ සෑම සාමාජිකයෙකු මිය යාමට ප්‍රථම ප්‍රාදූර්භූත වූ ඒ මහා පොදු සාධකය, කාලවර්ණ නපුරු යක්ෂ බළලා මාගේ දැස් ඉදිරියෙහි මැවී පෙනුණි. ඔව් එය එසේම විය යුතුය. ඒ ගැන මා හට අබමල් රේණුවක තරම්වත් අවිශ්වාසයක් නොමැත.

මෙම බිහිසුණු පලිගන්නාගේ අවසාන ඉලක්කය මා බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. තාත්තාව සහ අක්කාව මුලින්ම ක්ෂණිකව මිය යාමට සලස්වන්නේ අන් අයගේ මරණයන් තුළින් ඔවුනට ඇතිවෙන වේදනාව වැළැක්වීමට හා ඔවුන්ගේ මරණයන් තුළින් අප තිදෙනා වේදනාවට පත් කිරීමට බව දැන් මා හට ප්රත්යක්ෂය. මන්ද යත් ඔවුන් දෙදෙනා මේ මහා පාප කර්මයට කිසි ලෙසකිඳු හවුල් නොවූ බැවිනි. අම්මා මද කෙටිකාලීන වේදනාවකුත්, මල්ලී ඊට වැඩි වේදනාවකුත් විඳ මිය ගියේ ඔවුන් මෙම පාපයට හවුල් වූ ප්‍රමාණයේ අනුපාතයට බව සැකයක් නොමැත. මෙසේ බලන කළ මෙම පාපයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ මා වෙත මෙම පලිගන්නාගේ සැලසුම මොන තරම් බිහිසුණු එකක් වේදැයි හිතා ගැනීමටවත් නොහැක. එය අති බිහිසුණු සෙමෙන් සෙමෙන් ළඟාවන විනාශයක් බවනම් සහතිකය. මෙතෙක් සිදු වී ඇත්තේ අන් අයගේ මරණයන් තුළින් මා දරුණු චිත්ත පීඩාවකට ලක් කිරීම පමණකි. මා හට උරුම සැබෑම දඬුවම තවමත් මා වෙනුවෙන් බලා සිටී. ඒ දිනය එන තෙක් බලා සිටී.

මම ඌට ආදරයට කපූ කිවෙමි. ඒ කළු පූසා යන්න කෙටි කරය. මුළු ශරීරයේම වූ සෑම මවිල් ගසක්ම තද කළු පැහැයෙන් යුක්ත වූ මෙම බළලාගේ එකඳු සුදු හෝ වෙන යම් වර්ණයක් සොයා ගැනීමට නොහැකි විය. කට දෙපසින් වූ සන්වේදක ස්පර්ශකයන් පවා තද කළු පැහැයෙන් යුක්ත වූහ. මුලින් මුලින් ඉතා හුරතල් බළලෙකු වූ කපූ අප සැමගේ ආදරයට පාත්‍ර විය. උගේ ආගමනයත් සමඟින් නිවසෙහි අරක්ගෙන සිටි මීයන් අදෘශ්‍යමාන වීමෙහි ගෞරවයද අපි නොඅඩුවම ඌටම පිදුවෙමු. එහෙත් පසු කලෙක මෙම සත්වයාගේ ඇතිවූ නොමනා හැසිරීමක් නිසා අප හට ඌ එපා වෙමින් පැවතුණි. නිවසේ උයා පිහා තැබූ කෑම වලඳේ සිට මේසයට බෙදා තිබූ බත් පත දක්වා හොරා කෑමට ඌ පසු බට නොවීය. එතකින් නොනැවතී අසල්වැසියන්ගේ නිවෙස් වලින්ද සොරා කෑමට පටන් ගැනීම නිසා අප ඔවුන්ගේ දෝෂාරෝපණයටද ලක් වූහ. කෙතරම් දඩුවම් කළත් මෙම සත්වයාගේ මෙම කැත පුරුද්ද අත් හැරීමට සූදානම් වූයේ ඌ නොවේය. මේ සම්බන්ධයෙන් වැඩියෙන්ම ප්‍රකෝපව සිටියේ අම්මාය. එයින් වැඩියෙන්ම පීඩා වින්දේ ඇය බැවින් එය ස්වාභාවිකය.

එය, උක්ත රිය අනතුර සිදුවී තාත්තාත්, අක්කාත් මිය යාමට පෙර වසරේ මාගේ උපන් දිනයයි. මෙවර උපන් දිනය යාළුවන් කිහිප දෙනෙකුටද අරාධනා කොට මදක් උත්සවාකාරයෙන් ගැනීමට අප සැලසුම් කළහ. එදින සවස මුළුතැන්ගෙයින් ඇසුණු අම්මාගේ ගෝරනාඩුව ඇසී මා එදෙසට යන විට පෙර දින ඈ විසින් පිළියෙල කොට කපුවාට විවෘත්ත කළ හොහැකියැයි විශ්වාස කළ ලෙස වසා ඉහළින් තබා තිබුණු කේක් ගෙඩිය බිම වැටී තිබුණ අතර එයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඌ විසින් කා දමා තිබුණි.

"මූව මැරුවත් හිත්වදින්නෑනෙ මේ කරපු වැඩේට. මටනම් මේ යක්ෂ බළලත් එක්ක තවත්නම් බෑ මේ වැඩේ කරන්න. එක්කෝ ඕකව කොහෙට හරි ගිහින් දාපල්ලා, නැත්නම් මරලා දාපල්ලා. කොච්චරක්නම් කියලා ඉවසන්නද මේ වදේ ? " ඒ ආවේගශීලීව බැණ වදින අම්මාය. එය මෙයින් ප්‍රකෝපව සිටි මාගේ ගින්නට දැමූ පිදුරු විය. දඩුවම් කිරීමට සිතා සොයා බලන විට කිසිවක් නොවූ ආකාරයෙන් පුටුවක් උඩට වී අත පය දිගෑරගෙන නිදා සිටි බළලා දුටු මාගේ ප්‍රකෝපය දෙගුණ තෙගුණ විය. කෑ ගසන විටම බෙල්ලෙන් අල්ලා ගෙන රෙදි කඩකින් උගේ මුහුණ වැසූ මා ඌට දරුණු ලෙස පහර දුනිමි. මෙයට මල්ලීද හවුල් විය. බළලා අඩපණ වෙන තෙක්ම අපි ඌට පහර දුනිමු. එහෙත් තවමත් මාගේ සිතට මදිය. අතට හසු වු පටියකින් මා උගේ ගෙල සිර කොට බැඳ කුස්සියෙහි උළුවස්සෙහි එල්ලා නැවතත් තදින් පහර දුන්නේය. එල්ලා ඇති පන්දුවකට ක්‍රිකට් පිත්තකින් පහර දෙන්නාක් මෙන් ඌට පහර දුන්නේය. වදින සෑම පහරක දිම කොන්ද වකුටු කොට, අත් පා එකට ලංකරමින්, යටි ගිරියෙන් ඤාව් හඩ නිකුත් කරමින් බළලා කෑගැසීය. එය "අනේ මාව බේර ගන්න" වැනි ඉල්ලීමක් වන්නට ඇත. එහෙත් අවාසනාවකට මා හට බළල් භාෂාව නොතේරුණි. ටික වේලාවකින් බළලා නිශ්චල විය. ඒ ඌ අඩ පණ වූ නිසායැයි මම සිතුවෙමි.

තාත්තාත්, අක්කාත් උත්සවයට අවැසි බඩු වගයක් ගෙන ඒමට කඩයට ගොස් නැවත පැමිණියේ අප මෙසේ චූදිතයාව එල්ලුම් ගස් යවා අහවර වූ පසුවය. කර ඇති අපරාධය දුටු තාත්තා දුන් කම්මුල් පහරින් මා විසිවී ගොස් බිම වැටුණි. අක්කා වහ වහා ලණුව ලිහා බළලාව නිදහස් කර ගත්තද ඒ වන විටත් ඌ අවසන් ගමන් ගොස් තිබුණි. මෙය මා කිසි විටෙකත් අපේක්ෂා නොකළ දෙයකි. බළලුන්ගේ පණ හයිය බැවින් ඔවුන් ලෙහෙසියෙන් නොමැරෙන්නන් ලෙස මම විශ්වාස කළෙමි. එම විශ්වාසයම පෙර කී දරුණු දඬුවමට මා යොමු කළේය. එහෙත් මාගේ විශ්වාසය වැරදී තිබුණි. හිතවත / හිතවතිය මම ඔබට මේ අවසන් මොහොතේ සත්‍යයක් කියමි. මට කපුවාව මැරීමේ කිසිඳු චේතනාවක් නොතිබුණි. එය අප පවුලේ සිව් දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි තරමටම සත්‍යයකි. මට ඒ සම්බන්ධයෙන් ඕනෑම තැනක දිව්රිය හැකිය, චේතනාව කුමක් වූවත් මා අතින් එම අපරාධය සිදුවී තිබුණි.

ඔබ එඩ්ගා ඇලන් පෝ ගේ මතු සඳහන් කෘතිය කියවා ඇත්නම් බළලාට හිංසා කිරීමට ඝාතකයන් දෙදෙනාම යොදා ගන්නා ක්‍රමවේදයේවූ ඒ අපූරු සමානත්වය දකිනු ඇත. සමහරවිට එය කළු බළලෙකු මැරීම සඳහා කාල, ද්වීප, දේශ නොසලකා දෛවයෙන් නියමවී ඇති ක්‍රමවේදය වන්නටද හැකිය. ඒ සමානත්වය නොවන්නට මා පසු පස හඹා එන මේ ශාපය පිළිබඳව නොදැනුවත්වම මා එයට ගොදුරු වනු නියතය. අඩුම තරමින් මම එසේ විශ්වාස කරමි.

තව හෝරා කිහිපයකින් ඒ බිහිසුණු දවස උදාවනු ඇත. ඔව් හෙට මාගේ උපන් දිනයයි. මේ දක්වා වූ සියල්ල විශ්ලේෂණයකොට බැලීමේදී හෙට දිනයේදී ඒ කළු බලලා මා ඉදිරියෙහි දර්ශනය වන බව හෙට හිරු නැග එන්නාක් මෙන්ම නිශ්චිතය. මෙවර ඌ පැමිණෙනේ මාරාන්තික ප්‍රහාරයටය. තම නියම සතුරා වෙත ඉලක්කය බලා එල්ල කරනා, තම සතුරා අඩපණ කොට, දීර්ඝ කාලයක් විඳවීමට සලස්වා ක්‍රමක්‍රමයෙන් මරා දමනා ඒ බිහිසුණු ප්‍රහාරයටය. දාමාව කැපීමට ප්‍රථම ඌ වටා ඉන්නා ආරක්ෂක ඉත්තන් කපා ඉවත්කරන්නාක් මෙන්, මා වටා සිටි සියලු හිතවතුන් ඌ විසින් කපා ඉවත් කොට මා හුදකලාකොට තිබේ. මේ ප්‍රහාරය මට දරාගත නොහැකිය. ඒ ගැන සිහිවන විටත් මා සියොලඟම දහදියෙන් තෙත්ව, අප්‍රාණික වී යයි. ඔව්, මා ඉස්සර විය යුතුය. ඒ බිහිසුණු කාලවර්ණ මරණයේ දූතයා සම්මුඛ වීමට ප්‍රථම මා ඉස්සර විය යුතුය.

ඉදින් ප්‍රිය මිතුර / මිතුරිය ඔබ මේ දක්වා කියවූයේ මින් පෙර මා ඔබට නොකී මාගේ සැබෑ කතාවයි. එකක් පැවසිය යුතුමය. මෙම දුෂ්කර,බිහිසුණු කාලපරිච්ඡේදයේ අවසාන වසර දෙක තුළ ඔබ හා දොඩමළු වීමට ලැබීම හේතු කොටගෙන යම් ඉසිඹුවක් ලදිමි. එසේ නොවන්නට මා උන්මන්තකයෙකු වී බොහෝ කල්ය. ඒ ගැන මාගේ ස්තූතියි පිළිගන්න.

දැන් යාමට කාලය පැමිණ ඇත. මෙය ලියා ප්‍රසිද්ධ කළ වහාම උපක්රමිකව ලබාගෙන දැන් මේ මොහොතේත් මා ඇස් අබියස ඇති නිදිපෙති අහුරම පානය කොට මා සදාකාලික නිද්‍රාවට පත්වෙමි. ඒ බිහිසුණු යක්ෂයාට මුහුණ දීමට නොහැකිව මම බියසුල්ලෙකු සේ ජීවිතයෙන් පලා යමි.

ඔබට රිසිනම් වෙනදා සේම මෙයට ප්‍රතිචාර දැක්විය හැකිය. රිසිනම් නොකර සිටින්න. කෙසේ වෙතත් ඒවා කියවීමට හෝ ප්‍රතිචාර දැක්වීමට නොහැකිවන බව කිව යුතු නොවේ.

ප්‍රිය හිතවත / හිතවතිය වෙන්ව යාමට කලින් ලද අත්දැකීම් ඇසුරෙන් යමක් පැවසීමට අවසර ! කිසි දිනෙක, කිසි විටෙක, කිසිම හේතුවක් අරභයා සම්පූර්ණයෙන් කාල වර්ණ බළලෙකුව ඝාතනය කිරීමට එඩිතර නොවන්න. එය ඔබව විනාශය කරා රැගෙන යනු ඇත. ඔවුන් වනාහී සූක්ෂම පළිගන්නන්ය. එද්මොන් දාන්තේ පවා අභිබවා යන අති සූක්ෂම පළිගන්නන්ය. එපමණක් නොව කිසිඳු කුඩා සතෙකු උවද ඝාතනය කිරීමෙන් වළකින්න. ඔබට එය සුළු සිදුවීමක් වූවත් ඔවුනට එය ජීවිතය පිළිබඳ ගැටලුවකි. අප සිදු කොට අමතක කරදමනා කුඩා වුවත් පාපකර්මයන්ගේ ප්‍රති විපාක කෙතරම් බිහිසුණුද යන්න වටහා ගැනීමට ඔබට මාගේ කතාව ඉවහල් වනු ඇතැයි සිතමි.

එසේ නම් සදාකාලික සමු ගැන්මකට අවසරයි !

මෙයට ඔබට සදා හිතවත් සෙන්නා.

20.03.20__

සෙන්නාhttp://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com